ස්වර්ග රාජ්‍යයේ යතුරු මම ඔබට දෙන්නෙමි; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ යැ” යි පැවසූ සේක.
ලූක් 9:1 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ දොළොස් දෙනා එකට කැඳවා, සියලු යක්ෂාත්ම දුරු කිරීමටත් රෝග සුව කිරීමටත් බලය හා වරය දී, Sinhala New Revised Version එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී Sinhala New Revised Version 2018 එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී Sinhala Revised Old Version එකල උන්වහන්සේ දොළොස්දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුවකරන්ටද බලය සහ වරය ඔවුන්ට දී, |
ස්වර්ග රාජ්‍යයේ යතුරු මම ඔබට දෙන්නෙමි; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ යැ” යි පැවසූ සේක.
උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.
මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනකුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය.
මෙයින් පසු ස්වාමින්වහන්සේ තවත් හැත්තෑදෙදෙනකු පත් කර, උන්වහන්සේ යෑමට අදහස් කළ සියලු නගර හා පෙදෙස් කරා දෙදෙනා බැගින් තමන්ට පෙරටුව ඔවුන් පිටත් කළ සේක.
ඔන්න, සර්පයින් හා ගෝනුස්සන් පාගා දමන්නටත්, සතුරාගේ ශක්තිය මුළුමනින් මැඩලන්නටත්, මා ඔබට බලය දී තියෙනවා. කිසිවකින් ඔබට අනතුරු නො වේ.
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මා තුළ විශ්වාස කරන කවුරුන් වුවත්, මා කරන ක්‍රියා කරනු ඇති බවයි; මීටත් වඩා මහත් ක්‍රියා ඔහු කරනු ඇත. මන්ද පියාණන්වහන්සේ වෙත මා යන නිසයි.
එහෙත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ පිට පැමිණි කල, ඔබ බලය ලබනු ඇත. එවිට ඔබ, යෙරුසලමේ ද මුළු යුදයෙහි හා සමාරියේ ද පොළොවේ සීමාන්තය දක්වා ද මාගේ සාක්ෂිකරුවන් වනු ඇතැ” යි පැවසූ සේක.
දැන් ඔබ දකින, ඔබ හඳුනන මේ මිනිසා සවිමත්ව සිටින්නේ, උන්වහන්සේගේ නාමයෙන් සහ ඒ නාමය තුළ ඇදහීමෙනුයි. ඔබ හැමගේ ඇස් ඉදිරිපිට මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබ ඇත්තේ යේසුස්වහන්සේගේ නාමය තුළ ඇදහීම මඟිනි.
ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේගේ නාමයෙන් සුව කිරීමට ද විස්මිත ලකුණු හා හාස්කම් දැක්වීමට ද ඔබවහන්සේගේ හස්තය දිගු කළ මැනව” යි කීහ.
පේතෘස් ඔහු අමතමින්, “අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සුව කරන සේක; නැගිටින්න! ඔබේ පැදුර අකුළා තබන්නැ” යි කීවේ ය. එකෙණෙහිම ඔහු නැගී සිටියේ ය.