Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 10:1 - සිංහල කාලීන පරිවර්තනය

1 මෙයින් පසු ස්වාමින්වහන්සේ තවත් හැත්තෑදෙදෙනකු පත් කර, උන්වහන්සේ යෑමට අදහස් කළ සියලු නගර හා පෙදෙස් කරා දෙදෙනා බැගින් තමන්ට පෙරටුව ඔවුන් පිටත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ඉන්පසු ස්වාමීන්වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු නියමකොට තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත් ඔවුන් දෙදෙනා බැගින් තමන්ට පෙරටුව යැවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 10:1
14 හුවමාරු යොමු  

තමන්ට පෙරටුව දූතයින් යැවූ සේක. ඔවුහු උන්වහන්සේ උදෙසා පිළියෙල කරන්නට සමාරියයන්ගේ ගමකට පිවිසුණහ.


“මා දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ දිවැසිවරයා යයි හඳුන්වනු ලබනු ඇත. මන්ද නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සකස්කරන්නට උන්වහන්සේට පෙරටුව ගමන් ගනු ඇත්තේ,


තවද පියවරුන්ගේ අවධානය දරුවන් වෙත ද අකීකරුවූවන් ධර්මිෂ්ඨ ප්‍රඥාවට ද හැරවීමට එලියාගේ ආත්මයෙන් හා බලයෙන් යුක්තව, ස්වාමින්වහන්සේට යෝග්‍ය ලෙස ජනතාවක් හැඩ ගස්වමින්, ඔහු උන්වහන්සේට පෙරටුවෙන් යනු ඇතැ” යි පැවසී ය.


ස්වාමින්වහන්සේ ඇය දුටු කල, ඇයට අනුකම්පා කර, “හඬන්න එපා” යි පැවසූ සේක.


ස්වාමින්වහන්සේ වෙත ඔවුන් යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?” යි අසා යැවී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්