Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 9:1 - Sinhala New Revised Version

1 එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 උන්වහන්සේ දොළොස් දෙනා එකට කැඳවා, සියලු යක්ෂාත්ම දුරු කිරීමටත් රෝග සුව කිරීමටත් බලය හා වරය දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 එකල උන්වහන්සේ දොළොස්දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුවකරන්ටද බලය සහ වරය ඔවුන්ට දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:1
15 හුවමාරු යොමු  

ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක.


උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණි. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.


මන්ද, මම ද බලය ලත් අය යටතේ සිටින මිනිසෙක්මි. මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනෙකුට, ‘යන්නැ’යි කී කල, ඔහු යන්නේ ය; කෙනෙකුට, ‘එන්නැ’යි කී කල, ඔහු එන්නේ ය. මාගේ දාසයාට, ‘මෙය කරන්නැ’යි කී කල ඔහු එය කරන්නේ ය”යි කීවේ ය.


ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක.


බලන්න, සර්පයන් ද ගෝනුස්සන් ද පාගන්ටත්, සතුරාගේ මුළු ශක්තිය මැඬලන්ටත් මා ඔබට බලය පවරා ඇත; කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි.


“ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය.


එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක.


දැන් ඔබ ඉදිරියේ සිටින ඔබ හඳුනන මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබුවේ උන් වහන්සේගේ නාමයෙන් හා ඒ නාමය කෙරෙහි ඇති ඇදහිල්ල කරණකොටගෙන ය.


සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.”


පේදුරු ඔහුට කතා කොට, “අයිනෙයස්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබට සුවය දෙන සේක. නැඟිට ඔබේ යහන සකස් කරගන්නැ”යි කී ය. එකෙණෙහි ම ඔහු නැඟිට්ටේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්