ලූක් 8:5 - සිංහල කාලීන පරිවර්තනය “වපුරන්නෙක් තම බීජ වපුරන්නට ගියේ ය. ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මඟ දිගේ වැටී, පයට පෑගී ගියේ ය. කුරුල්ලෝ ඒවා කා දැමූහ. Sinhala New Revised Version “වපුරන්නෙක් බීජ වපුරන්න නික්මිණි; ඔහු වපුරන කල බීජ සමහරක් මඟ දිගේ වැටී පයින් පෑගිණි; අහසේ කුරුල්ලෝ ඒවා අවුළා කෑහ. Sinhala New Revised Version 2018 “වපුරන්නෙක් බීජ වපුරන්න නික්මිණි; ඔහු වපුරන කල බීජ සමහරක් මඟ දිගේ වැටී පයින් පෑගිණි; අහසේ කුරුල්ලෝ ඒවා අවුළා කෑහ. Sinhala Revised Old Version වපුරන්නා බීජ වපුරන්ට ගියේය. ඔහු වපුරන කල්හි සමහරක් මග අසල වැටුණේය; ඒවා පයින් පාගනලද්දේය, ආකාශ පක්ෂීහු ඒවා අවුලා කෑවෝය. |
“ඔබ පොළොවේ ලුණු ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පිටත දමා, මිනිසුන්ගේ පයට පෑගෙන්නට හැර දැමීම මිස, තවත් එයින් ගත හැකි වැඩක් නැත.
වචනය වැපුරූ තැන්වල ඇතැම් දෙනා මඟ දිගේ වපුළ වූ බීජ වගෙයි. ඔවුන් ඇසූ කෙණෙහිම සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද බීජ පැහැර ගනී.
මහත් ජන සමූහයක් එක්රැස් වෙද්දී, නගරයක් නගරයක් වෙතින් ජනයා උන්වහන්සේ වෙත ඇදී ආ කල, උන්වහන්සේ උපමා කතාවක් පවසමින්,
එබැවින්, අප අසා ඇති දෑ වෙතින් අප ඉවත ඇදී නො යන පිණිස, අප ඒ ගැන වඩා තියුණු අවධානයක් යොමු කළ යුතු වෙයි.