Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:5 - Sinhala New Revised Version

5 “වපුරන්නෙක් බීජ වපුරන්න නික්මිණි; ඔහු වපුරන කල බීජ සමහරක් මඟ දිගේ වැටී පයින් පෑගිණි; අහසේ කුරුල්ලෝ ඒවා අවුළා කෑහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 “වපුරන්නෙක් තම බීජ වපුරන්නට ගියේ ය. ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මඟ දිගේ වැටී, පයට පෑගී ගියේ ය. කුරුල්ලෝ ඒවා කා දැමූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 “වපුරන්නෙක් බීජ වපුරන්න නික්මිණි; ඔහු වපුරන කල බීජ සමහරක් මඟ දිගේ වැටී පයින් පෑගිණි; අහසේ කුරුල්ලෝ ඒවා අවුළා කෑහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 වපුරන්නා බීජ වපුරන්ට ගියේය. ඔහු වපුරන කල්හි සමහරක් මග අසල වැටුණේය; ඒවා පයින් පාගනලද්දේය, ආකාශ පක්ෂීහු ඒවා අවුලා කෑවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:5
15 හුවමාරු යොමු  

එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.


මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය.


මේ මළසිරුරු පිට ගිජු ලිහිණියන් පාත් වූ කල ආබ්‍රම් උන් එළවාදැමී ය.


උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය;


“ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.


ඔබේ පණත්වලින් ඉවත් ව යන සියල්ලන් ඔබ පිළිකෙව් කළ සේක. ඔවුන්ගේ කපටිකම නිෂ්ඵල ය.


ඒ ඒ නුවරින් මිනිසුන් උන් වහන්සේ වෙත පැමිණ, මහා පිරිසක් රැස්වූ කල උන් වහන්සේ උපමාවකින් මෙ‍සේ වදාළ සේක:


අන් සමහරක් ගල් බිමෙ‍හි වැටී පැළ වූ කෙණෙහි ම දිය සීරාව නැති බැවින් වියළී ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්