Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 5:13 - සිංහල කාලීන පරිවර්තනය

13 “ඔබ පොළොවේ ලුණු ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පිටත දමා, මිනිසුන්ගේ පයට පෑගෙන්නට හැර දැමීම මිස, තවත් එයින් ගත හැකි වැඩක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 “ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 5:13
8 හුවමාරු යොමු  

ඔබගේ කතා බහ නිතරම දයාන්විතව, ලුණෙන් රසවත්ව තිබේවා. එවිට කවරකුට වුව සුදුසු පරිදි පිළිතුරු දෙන්නට ඔබට හැකි වෙයි.


ඒ එසේ නම්, ඔබ සිතන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගා දැමුවාවූත්, තමන් පවිත්‍ර කරන ලද ගිවිසුමේ ලේ අශුද්ධ සේ සැලකුවාවූත්, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට නිග්‍රහ කළාවූත් අය කොතරම් බරපතළ දඬුවමකට නියම වෙතැයි කියා ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්