ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 5:16 - සිංහල කාලීන පරිවර්තනය

එහෙත් උන්වහන්සේ හුදෙකලා තැන්වලට ගොස්, යාච්ඤා කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, උන් වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් යාච්ඤා කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, උන් වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් යාච්ඤා කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් උන්වහන්සේ වනාත්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤාකළසේක.

පරිච්ඡේදය බලන්න



ලූක් 5:16
8 හුවමාරු යොමු  

සමූහයා පිටත යැවූ පසු උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, තනිව කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේ එහි සිටියේ තනිව ය.


ඔවුන් පිටත්ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක.


සියල්ලෝ බව්තීස්මය ලබන කල යේසුස්වහන්සේ ද බව්තීස්ම ලැබ, යාච්ඤා කරමින් සිටියදී, ස්වර්ගය විවරව,


එදවස්හි යාච්ඤා කරන්නට කන්දට නැගුණු යේසුස්වහන්සේ, රැයක් මුළුල්ලේ දිගටම දෙවියන්වහන්සේට යාච්ඤා කළ සේක.


මෙසේ පවසා අට දිනකට පමණ පසු යේසුස්වහන්සේ පේතෘස්, යොහන් හා යාකොබ් කැටුව යාච්ඤා කරන්නට කන්දට නැගුණු සේක.


යාච්ඤා කරන අතරදී උන්වහන්සේගේ මුහුණේ පෙනුම වෙනස් විය. උන්වහන්සේ හැඳි වස්ත්‍ර, සුදෝ සුදු දීප්තියකින් යුතු විණ.


බලහත්කාරයෙන් තමන් රජකමට පත් කර ගන්නට ඔවුන් අර අඳින බව දැනගත් යේසුස්වහන්සේ, හුදෙකලා වී, යළි කන්දට නැගුණු සේක.