Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:12 - සිංහල කාලීන පරිවර්තනය

12 එදවස්හි යාච්ඤා කරන්නට කන්දට නැගුණු යේසුස්වහන්සේ, රැයක් මුළුල්ලේ දිගටම දෙවියන්වහන්සේට යාච්ඤා කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:12
23 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ මාංසයේ විසූ දවස්හි, තමන් මරණින් ගැලවීමට සමත් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුතුව, යාච්ඤා හා අයැදුම් ඔප්පු කළ සේක්, උන්වහන්සේගේ දේව ගරු බිය හේතුවෙන් එය අසනු ලැබිණ.


ඔවුන් පිටත්ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක.


අලුයම් උදයේ තවමත් අඳුර තිබියදී අවදි වූ උන්වහන්සේ පිටත්ව, හුදෙකලා තැනකට ගිය සේක්, එහිදී යාච්ඤා කළ සේක.


ස්තුතිවන්තකමින් යුතුව සිහි බුද්ධියෙන් දිගටම යාච්ඤාවේ නිරත වන්න.


එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගතව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගතව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.


ජනකාය දුටු කල, යේසුස්වහන්සේ කන්දට නැගුණ සේක. උන්වහන්සේ හිඳගත් පසු, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙත ආහ.


යේසුස්වහන්සේ කන්දකට නැගී, තමන් කැමති වූවන් තමා වෙත කැඳවූ සේක. ඔවුහු උන්වහන්සේ වෙත ආහ.


එහෙත් උන්වහන්සේ හුදෙකලා තැන්වලට ගොස්, යාච්ඤා කළ සේක.


එවිට කෝපයෙන් පිරුණු ඔවුහු, යේසුස්වහන්සේට කුමක් කරන්නේදැයි තමන් අතර සාකච්ඡා කළහ.


උන්වහන්සේ ඔවුන් සමඟ පහළට බැස, තැනිතලා බිමකට ආ සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් හා මුළු යුදයෙන් ද යෙරුසලමෙන් ද මුහුදුකරයේ තීර් හා සීදොන් පළාත්වලින් ද ආ අති මහත් ජනකායක් එහි වූහ.


වරෙක උන්වහන්සේ තනිව යාච්ඤා කරමින් සිටියදී, ගෝලයෝ ද උන්වහන්සේ සමඟ වූහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “සමූහයා කියන්නේ මා කවුරු ය කියා දැ?” යි ඇසූ සේක.


මෙසේ පවසා අට දිනකට පමණ පසු යේසුස්වහන්සේ පේතෘස්, යොහන් හා යාකොබ් කැටුව යාච්ඤා කරන්නට කන්දට නැගුණු සේක.


යාච්ඤා කරන අතරදී උන්වහන්සේගේ මුහුණේ පෙනුම වෙනස් විය. උන්වහන්සේ හැඳි වස්ත්‍ර, සුදෝ සුදු දීප්තියකින් යුතු විණ.


කන්දට නැගුණු යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ වාඩිගත් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්