Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:28 - සිංහල කාලීන පරිවර්තනය

28 මෙසේ පවසා අට දිනකට පමණ පසු යේසුස්වහන්සේ පේතෘස්, යොහන් හා යාකොබ් කැටුව යාච්ඤා කරන්නට කන්දට නැගුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මේ වචන පවසා අට දිනකට පමණ පසු උන් වහන්සේ පේදුරු ද ජොහන් ද ජාකොබ් ද කැඳවාගෙන යාච්ඤා කරන පිණිස කන්දට නැඟුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මේ වචන පවසා අට දිනකට පමණ පසු උන් වහන්සේ පේදුරු ද ජොහන් ද ජාකොබ් ද කැඳවාගෙන යාච්ඤා කරන පිණිස කන්දට නැඟුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 තවද මේ වචන කියා අට දවසකට පමණ පසු උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යාකොබ්ද කැඳවාගෙන යාච්ඤාකරන පිණිස කන්දට නැගුණුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:28
18 හුවමාරු යොමු  

එදවස්හි යාච්ඤා කරන්නට කන්දට නැගුණු යේසුස්වහන්සේ, රැයක් මුළුල්ලේ දිගටම දෙවියන්වහන්සේට යාච්ඤා කළ සේක.


වරෙක උන්වහන්සේ තනිව යාච්ඤා කරමින් සිටියදී, ගෝලයෝ ද උන්වහන්සේ සමඟ වූහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “සමූහයා කියන්නේ මා කවුරු ය කියා දැ?” යි ඇසූ සේක.


උන්වහන්සේ යායිරස්ගේ නිවසට පැමිණි පසු පේතෘස්, යොහන් හා යාකොබ් ද දැරියගේ මවු පිය දෙපල ද හැර, අන් කිසිවකුට තමන් සමඟ ඇතුළු වීමට ඉඩ නුදුන් සේක.


ඔවුන් පිටත්ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක.


අලුයම් උදයේ තවමත් අඳුර තිබියදී අවදි වූ උන්වහන්සේ පිටත්ව, හුදෙකලා තැනකට ගිය සේක්, එහිදී යාච්ඤා කළ සේක.


යේසුස්වහන්සේ මාංසයේ විසූ දවස්හි, තමන් මරණින් ගැලවීමට සමත් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුතුව, යාච්ඤා හා අයැදුම් ඔප්පු කළ සේක්, උන්වහන්සේගේ දේව ගරු බිය හේතුවෙන් එය අසනු ලැබිණ.


මා ඔබ වෙත එන තුන් වන වතාවයි මේ. “හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර විය යුතු ය.”


සියල්ලෝ බව්තීස්මය ලබන කල යේසුස්වහන්සේ ද බව්තීස්ම ලැබ, යාච්ඤා කරමින් සිටියදී, ස්වර්ගය විවරව,


ජනකාය දුටු කල, යේසුස්වහන්සේ කන්දට නැගුණ සේක. උන්වහන්සේ හිඳගත් පසු, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙත ආහ.


සමූහයා පිටත යැවූ පසු උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, තනිව කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේ එහි සිටියේ තනිව ය.


එහෙත් උන්වහන්සේ හුදෙකලා තැන්වලට ගොස්, යාච්ඤා කළ සේක.


කන්දට නැගුණු යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ වාඩිගත් සේක.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ බලයත්, පැමිණීමත් ගැන අප ඔබට පැවසූ කල, අප එසේ කළේ ප්‍රයෝගයෙන් ගෙතූ ප්‍රබන්ධ අනුව නො වේ. උන්වහන්සේගේ මහිමශ්‍රීය ඇසින් දුටු සාක්ෂිකරුවෝ අපම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්