පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක්ම කපා ගින්නෙහි හෙළනු ලැබේ.
ලූක් 3:9 - සිංහල කාලීන පරිවර්තනය පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක්ම කපා ගින්නෙහි හෙළනු ලැබේ යැ” යි කීවේ ය. Sinhala New Revised Version තවද, දැනටමත් පොරොව ගස් මුල්වලට එල්ල කර ඇත. එබැවින් හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නෙහි හෙළනු ඇතැ”යි කී ය. Sinhala New Revised Version 2018 තවද, දැනටමත් පොරොව ගස් මුල්වලට එල්ල කර ඇත. එබැවින් හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නෙහි හෙළනු ඇතැ”යි කී ය. Sinhala Revised Old Version තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේයයි කීවේය. |
පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක්ම කපා ගින්නෙහි හෙළනු ලැබේ.
තවද උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක: “එක් මිනිසකුගේ මිදි වත්තේ පැළ කරන ලද අත්තික්කා ගහක් විය. ඔහු එහි පල බලාපොරොත්තුව ගිය නමුදු, කිසිවක් සම්භ නො වීය.
එබැවින් ඔහු මිදි වතු පාලකට කතා කර, ‘බලන්න, දැන් තුන් වසරක්ම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආවත්, කිසිවක් ලැබුණේ නැහැ. මෙය කපා දමන්න; මෙය තවත් පොළොවට බරක්ව තිබෙන්නේ කුමට දැ?’ යි කීවේ ය.
මා තුළ නො රඳන කවරකු වුවත් ඉවත හෙළනු ලැබ, වියළී යන අත්තක් වැන්න. එවැනි අතු එකතු කර, ගින්නේ හෙළා දමනු ලැබ, දවා දමනු ලැබේ.
මෝසෙස්ගේ නීතිය ප්‍රතික්ෂේප කරන කවරකු වුව, දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි මත දයාවක් නො ලබා මරණයට පත් කරනු ලබයි.