Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 3:10 - සිංහල කාලීන පරිවර්තනය

10 පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක්ම කපා ගින්නෙහි හෙළනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 3:10
26 හුවමාරු යොමු  

මා තුළ නො රඳන කවරකු වුවත් ඉවත හෙළනු ලැබ, වියළී යන අත්තක් වැන්න. එවැනි අතු එකතු කර, ගින්නේ හෙළා දමනු ලැබ, දවා දමනු ලැබේ.


පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක්ම කපා ගින්නෙහි හෙළනු ලැබේ යැ” යි කීවේ ය.


හොඳ පල නො දරන හැම ගසක්ම කපා හෙළා, ගින්නට ඇද දමනු ලැබේ.


මා තුළ ඇති පල නො දරන හැම අත්තක් ම උන්වහන්සේ කපා හරින සේක්, පල දරන අතු හැම වඩාත් පල දරන පිණිස කප්පාදු කරන සේක.


එහෙත් එය උපදවා දෙන්නේ කටු හා ගොකටු පඳුරු පමණක්ම නම්, එහි ඇති වටිනාකමක් නැතිවාත් හැර, එය ශාප ලැබීමේ අවදානමේ සිටී. එහි අවසානය දවා දමනු ලැබීමයි.


මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වීය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහිම ඒ ගස වියළී ගියේ ය.


මන්ද ඔවුහු අමු ගහට මෙසේ කළෝ නම්, වියළි ගහට කෙසේ කරනු ඇද්දැ?” යි පැවසූ සේක.


කතා කරන්නා වූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප නො කරන්නට බලා ගන්න. පොළොවේදී තමන්ට අවවාද කළ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කළ විට, ඔවුන් ගැලවුණේ නැතිනම්, ස්වර්ගයේ සිට අවවාද කරන තැනැන්වහන්සේ වෙතින් ඉවත හැරුනහොත්, අපි කෙලෙස ගැලවෙන්නෙමු ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්