Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 13:6 - සිංහල කාලීන පරිවර්තනය

6 තවද උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක: “එක් මිනිසකුගේ මිදි වත්තේ පැළ කරන ලද අත්තික්කා ගහක් විය. ඔහු එහි පල බලාපොරොත්තුව ගිය නමුදු, කිසිවක් සම්භ නො වීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 උන් වහන්සේ උපමාවක් වදාරමින්, “එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 උන් වහන්සේ උපමාවක් වදාරමින්, “එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 උන්වහන්සේ මේ උපමාව කියනසේක්: එක් මනුෂ්‍යයෙකුගේ මිදිවත්තෙහි අත්තික්කා ගහක් හිටවා තිබුණේය. ඔහු ඒ ගහේ ගෙඩි සොයමින් ආවේය, නුමුත් කිසිවක් සම්බවුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 13:6
14 හුවමාරු යොමු  

නෑ, එසේ නො වේ; මා ඔබට කියන්නේ, පසුතැවිලි නො වූවොත් ඔබ හැමත් එලෙස විනාශ වන බව යැ” යි පැවසූ සේක.


පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක්ම කපා ගින්නෙහි හෙළනු ලැබේ යැ” යි කීවේ ය.


ඔබ, මා තෝරා ගත්තා නො වේ. ඔබ තෝරා, පත් කළේ මමයි. එසේ කළේ, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ ඔබට දෙන පිණිසත්, ඔබ ගොස් පල දරන පිණිසත්, ඔබේ ඒ පල පවතින පිණිසත් ය.


එහෙත් ආත්මයාණන්වහන්සේගේ පල නම්, ප්‍රේමය, ප්‍රීතිය හා සාමය, ඉවසීම, කරුණාව හා සද්භාවය, විශ්වාසවන්තකම,


මා තෑගි සොයනවා නො වේ. මා බලන්නේ ඔබේ ගිණුමට වඩ වඩා විපාක එක් කිරීමටයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්