ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 3:23 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ තම සේවය අරඹන කල, තිස් හැවිරිදි පමණ වූ සේක. මිනිසුන් සිතුවේ උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයා කියා ය. ඔහු හේලීගේ පුත්‍රයා ය,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ සිය සේවය අරඹන විට අවුරුදු තිහක් පමණ වයස් ව සිටි සේක. උන් වහන්සේ ජෝසෙප්ගේ පුත්‍රයා යයි ඔව්හු සිතූ හ. ජෝසෙප් හේලීගේ පුත්‍රයා ය,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ සිය සේවය අරඹන විට අවුරුදු තිහක් පමණ වයස් ව සිටි සේක. උන් වහන්සේ ජෝසෙප්ගේ පුත්‍රයා යයි ඔව්හු සිතූ හ. ජෝසෙප් හේලීගේ පුත්‍රයා ය,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ උගන්වන්ට පටන්ගත් කල අවුරුදු තිහක් පමණ වයස්ව සිටිසේක; උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයායයි මනුෂ්‍යයෝ සිතුවෝය. යෝසෙප් හේලීගේ පුත්‍රයාය,

පරිච්ඡේදය බලන්න



ලූක් 3:23
20 හුවමාරු යොමු  

ආබ්‍රහම්ගේ පුත්‍ර, දාවිත්ගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපත් නාමාවලිය:


යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි.


යෙස්සේ, දාවිත් රජුගේ පියා ය. දාවිත්, සලමොන්ගේ පියා ය. මව ඌරියාගේ භාර්යාව ය.


මොහු වඩුවාගේ පුතා නො වේ ද? මොහුගේ මව මරියා නො වේ ද? යාකොබ්, යෝසෙප්, සීමොන් හා යූදස් මොහුගේ සහෝදරයින් නො වේ ද?


එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළංව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක.


මේ මරියාගේ පුතා, වඩුවා නො වේ ද? අර යාකොබ්, යෝසෙප්, යූදස් හා සීමොන්ගේ සහෝදරයා නො වේ ද? මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් දැ?” යි කියමින් ඔවුහු උන්වහන්සේ ගැන බාධා වූහ.


එතුමාණන් දුටු කල මව්පියෝ ද විස්මපත් වූහ. මෑණියෝ එතුමාණන් අමතා, “පුත, ඇයි අපට මෙහෙම දෙයක් කළේ? බලන්න, ඔබේ පියාත්, මාත් ඔබ සෙව්වේ මොන තරම් තැවුලකින් දැ?” යි කීවා ය.


ඔහු මෙලෙයාගේ පුත්‍රයා ය, ඔහු මෙන්නාගේ පුත්‍රයා ය, ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතාන්ගේ පුත්‍රයා ය, ඔහු දාවිත්ගේ පුත්‍රයා ය,


එවිට සියල්ලෝ උන්වහන්සේගේ ගුණ වනමින්, උන්වහන්සේගේ මුවින් පිට වූ දයාන්විත වචන ගැන විස්මිතව, “මේ යෝසෙප්ගේ පුතා නො වේ දැ?” යි කීහ.


පිලිප්, නතානියෙල් හමු වී, “නීති සංග්‍රහයේ මෝසෙස් හා දිවැසිවරුන් සඳහන් කළ තැනැත්තා අපට හමු වුණා; ඔහු යෝසෙප්ගේ පුත්‍ර නාසරෙත්හි යේසුස්වහන්සේ” යි කීවේ ය.


“මේ යේසුස්, අර යෝසෙප්ගේ පුතා නො වේ ද? මොහුගේ පියාත් මවත් අප හඳුනද්දී මොහු ස්වර්ගයෙන් බැස ආවා ය කියන්නේ කොහොම දැ?” යි පවසන්නට වූහ.


තියෝපිලස් මැතිතුමනි, මගේ පළමු ලියවිල්ලේ මා ලියුවේ, යේසුස්වහන්සේ සිදු කළ හා ඉගැන්වූ සියල්ල වූ උන්වහන්සේ සේවය ඇරඹූ දා පටන්,