Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 1:45 - සිංහල කාලීන පරිවර්තනය

45 පිලිප්, නතානියෙල් හමු වී, “නීති සංග්‍රහයේ මෝසෙස් හා දිවැසිවරුන් සඳහන් කළ තැනැත්තා අපට හමු වුණා; ඔහු යෝසෙප්ගේ පුත්‍ර නාසරෙත්හි යේසුස්වහන්සේ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 පිලිප් ද නතානියෙල් සොයා ගෙන, “මෝසෙස් ව්‍යවස්ථාවලියෙහි හා දිවැසාවලියෙහි සඳහන් කර ඇති තැනැන් වහන්සේ, එනම්, ජෝසෙප්ගේ පුත් නාසරෙත්හි ජේසුස් වහන්සේ අපට හමු වූ සේකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 පිලිප් ද නතානියෙල් සොයා ගෙන, “මෝසෙස් ව්‍යවස්ථාවලියෙහි හා දිවැසාවලියෙහි සඳහන් කර ඇති තැනැන් වහන්සේ, එනම්, ජෝසෙප්ගේ පුත් නාසරෙත්හි ජේසුස් වහන්සේ අපට හමු වූ සේකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

45 පිලිප් නතානියෙල් දැක: යම් කෙනෙකු ගැන මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහිත් අනාගතවක්තෘවරුන් විසිනුත් ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්බවූසේක. උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රවූ නාසරිය යේසුස්යයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 1:45
41 හුවමාරු යොමු  

මෝසෙස්ගෙන් හා සියලු දිවැසිවරුන්ගෙන් පටන් ශුද්ධ ලියවිලිවල තමන්වහන්සේ ගැන වූ සියලු දෑ පැහැදිලි කළ සේක.


නාසරෙත් නම් වූ නුවරකට පැමිණ, එහි පදිංචි විය. “උන්වහන්සේ නාසරීයයෙකැයි අමතනු ලබනු ඇත” යනුවෙන් දිවැසිවරුන් මඟින් කී කීම මෙසේ ඉටු විය.


උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහයේත්, දිවැසිවරුන්ගේත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක්ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක.


එවිට සියල්ලෝ උන්වහන්සේගේ ගුණ වනමින්, උන්වහන්සේගේ මුවින් පිට වූ දයාන්විත වචන ගැන විස්මිතව, “මේ යෝසෙප්ගේ පුතා නො වේ දැ?” යි කීහ.


උන්වහන්සේ නැවතත්, “කවරකු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු කීහ.


මේ මරියාගේ පුතා, වඩුවා නො වේ ද? අර යාකොබ්, යෝසෙප්, යූදස් හා සීමොන්ගේ සහෝදරයා නො වේ ද? මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් දැ?” යි කියමින් ඔවුහු උන්වහන්සේ ගැන බාධා වූහ.


“උන්වහන්සේ ගලීලයේ නාසරෙත්හි දිවැසිවර යේසුස්වහන්සේ යැ” යි ජනයා කීහ.


“ ‘ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?’ යි මා ඇසුවා. “උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘ඔබ විසින් වධ හිංසා කරන නාසරෙත්හි යේසුස් මමයි’ කීවා.


දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා බලයෙන් නාසරෙත්හි යේසුස්වහන්සේ ආලේප කළ හැටිත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් යහපත කරමින් හා යක්ෂ බලයට යටවූවන් සුව කරමින් උන්වහන්සේ සැරි සැරූ හැටිත් ඔබ දනී.


සීමොන් පේතෘස් ද දිදිමුස් නම් තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයින් ද තවත් ගෝලයින් දෙදෙනෙක් ද එක්ව සිටියදී,


යෝසෙප් ද ඔහු දාවිත්ගේ වංශයට හා පෙළපතට අයත් බැවින්, ගලීලයේ නාසරෙත් නගරයෙන් පිටත්ව, දාවිත් පුරය වූ යුදයේ බෙත්ලෙහෙම් බලා ගියේ,


පේතෘස් ගිනි තපිමින් සිටිනු දැක, ඔහු දෙස ඕනෑකමින් බලා, “ඒ නාසරීය යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය.


මොහු වඩුවාගේ පුතා නො වේ ද? මොහුගේ මව මරියා නො වේ ද? යාකොබ්, යෝසෙප්, සීමොන් හා යූදස් මොහුගේ සහෝදරයින් නො වේ ද?


“කලක් මාත්, ඒත්තු ගෙන සිටියේ නාසරෙත්හි යේසුස්වහන්සේගේ නාමයට එරෙහිව කළ හැකි හැම දෙයක්ම කිරීම, කළ යුත්තකැයි කියායි;


එවිට පේතෘස්, “රිදීවත්, රත්රන්වත් මට නැත; එහෙත් මට ඇති දේ ඔබට දෙමි, නාසරෙත්හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නැගිට, ඇවිදින්නැ” යි පවසා,


“ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක.


පිලාත් නාම පුවරුවක් ලියවා, එය කුරුසිය මත තැබී ය. එය මෙසේ ය: නාසරෙත්හි යේසුස්, යුදෙව්වන්ගේ රජු.


“නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට, “ඒ මම යැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක. උන්වහන්සේ පාවා දුන් යූදස් ඔවුන් සමඟ සිටගෙන සිටියේ ය.


“මේ යේසුස්, අර යෝසෙප්ගේ පුතා නො වේ ද? මොහුගේ පියාත් මවත් අප හඳුනද්දී මොහු ස්වර්ගයෙන් බැස ආවා ය කියන්නේ කොහොම දැ?” යි පවසන්නට වූහ.


යේසුස්වහන්සේ තම සේවය අරඹන කල, තිස් හැවිරිදි පමණ වූ සේක. මිනිසුන් සිතුවේ උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයා කියා ය. ඔහු හේලීගේ පුත්‍රයා ය,


පිලිප් හා බර්තොලමෙව්; තෝමස් හා බදු අය කරන්නා වූ මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ් හා තද්දෙවුස්;


එතුමාණන් දුටු කල මව්පියෝ ද විස්මපත් වූහ. මෑණියෝ එතුමාණන් අමතා, “පුත, ඇයි අපට මෙහෙම දෙයක් කළේ? බලන්න, ඔබේ පියාත්, මාත් ඔබ සෙව්වේ මොන තරම් තැවුලකින් දැ?” යි කීවා ය.


පිලිප්, පේතෘස් හා අන්දෘ මෙන් බෙත්සයිදා නගර වැසියෙකි.


දෑස් දල්වා බලා විශාල පිරිසක් තමන් වෙත එනු දුටු යේසුස්වහන්සේ පිලිප් අමතා, “මේ ජනකායට කෑමට අප කොහෙන් රොටි මිලට ගන්න දැ?” යි ඇසූ සේක.


පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් කෑමට, ඩිනාරි දෙසියයක රොටි ගෙනාවත් මදි වේවි” යි කීවේ ය.


ඔවුහු ගලීල බෙත්සයිදාහි පිලිප් වෙත ගොස්, “මහත්මයා, යේසුස්වහන්සේ දකින්නට අප කැමති” යි කීහ.


පිලිප් කතා කරමින්, “ස්වාමිනි, අපට පියාණන්වහන්සේ පෙන්වන්න. එයම අපට ඇති” යි කීවේ ය.


“නාසරෙත්හි යේසුස්වහන්සේ මෙතැන පසුකර යති” යි ඔවුහු ඔහුට කීහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්