ලූක් 23:39 - සිංහල කාලීන පරිවර්තනය එල්ලා සිටි එක් අපරාධකරුවෙක් යේසුස්වහන්සේට නින්දා අපහාස කරමින්, “නුඹ ක්‍රිස්තුස් නො වේ ද? නුඹත් ගැලවී අපත් ගලවා ගනින්” යැයි කීවේ ය. Sinhala New Revised Version එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය. Sinhala New Revised Version 2018 එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය. Sinhala Revised Old Version එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්: නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගළවාගන්නැයි කීවේය. |
අප එය දැක බලා, විශ්වාස කරන පිණිස, ඉශ්‍රායෙල් රජ්ජුරුවන් වන මේ ක්‍රිස්තුස් දැන්ම කුරුසියෙන් බැස ආවාවේ!” යි කීහ. උන්වහන්සේ සමඟ කුරුසිපත් කරනු ලැබූවෝ ද උන්වහන්සේට නින්දා අපහාස කළහ.
උන්වහන්සේ එල්ලා සිටින අයුරු ජනයා බලා සිටියහ. එහෙත් ප්‍රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා. ඔහු දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ නම්, උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තා නම්, ඔහු තමාම ගලවා ගනීවා!” යි කීහ.
එහෙත් අනෙක් අපරාධකරු ඔහුට තරවටු කරමින්, “එකම දඬුවමක් ලබා සිටියදීත් නුඹ දෙවියන්වහන්සේට බය නැද්ද?