Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 15:32 - සිංහල කාලීන පරිවර්තනය

32 අප එය දැක බලා, විශ්වාස කරන පිණිස, ඉශ්‍රායෙල් රජ්ජුරුවන් වන මේ ක්‍රිස්තුස් දැන්ම කුරුසියෙන් බැස ආවාවේ!” යි කීහ. උන්වහන්සේ සමඟ කුරුසිපත් කරනු ලැබූවෝ ද උන්වහන්සේට නින්දා අපහාස කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබුවෝ ද උන් වහන්සේට ගැරහුම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබුවෝ ද උන් වහන්සේට ගැරහුම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 අප විසින් දැක අදහන පිණිස ඉශ්‍රායෙල්ගේ රජවූ ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසීවයි කීවෝය. උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබූ අයද උන්වහන්සේට නින්දාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 15:32
16 හුවමාරු යොමු  

උන්වහන්සේ සමඟ කුරුසිපත් කර සිටි සොරු ද එලෙසම උන්වහන්සේට නින්දා අපහාස කළහ.


සත්‍යයෙන් බැහැරව මං මුළාව ගොසිනි. මළවුන්ගේ නැගිටීම දැනටමත් සිදුව ඇතැයි ඔවුහු කියති. මෙසේ ඔවුහු ඇතමුන්ගේ ඇදහිල්ල අවුල් කරති.


මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා මුළු පරම්පරා ගණන දහ හතරකි. දාවිත් පටන් බබිලෝනියට පිටුවහල් කිරීම දක්වා පරම්පරා දහ හතරකි. පිටුවහල් කිරීමේ සිට ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දහ හතරකි.


ඇතමකු අවිශ්වාසවන්ත වූවා නම් කිමෙක් ද? ඔවුන්ගේ විශ්වාසය නොමැතිකමින් දෙවියන්වහන්සේගේ විශ්වාසී භාවය අහෝසි වේ ද?


එවිට ඔවුහු තල් අතු ගෙන, උන්වහන්සේ පෙර මඟට ගොස්, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “ඉශ්‍රායෙල් රජ්ජුරුවන්ට ආසිරි වේවා!” යි ඝෝෂා නගන්නට වූහ.


එවිට නතානියෙල්, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවෝ යැ” යි පැවසී ය.


උන්වහන්සේට එරෙහි චෝදනාව වශයෙන් ලියූ පුවරුවක් විය: “යුදෙව්වන්ගේ රජු.”


“ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමාම ගලවා ගන්න බැහැ! ඔහු ඉශ්‍රායෙල් රජ්ජුරුවෝ නොවැ, ඔහු කුරුසියෙන් බැස ආවාවේ! එවිට අප ඔහු විශ්වාස කරනවා.


එකකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ සොරුන් දෙදෙනෙක් ද ඔවුහු කුරුසිපත් කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්