Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 23:39 - Sinhala Revised Old Version

39 එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්: නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගළවාගන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 එල්ලා සිටි එක් අපරාධකරුවෙක් යේසුස්වහන්සේට නින්දා අපහාස කරමින්, “නුඹ ක්‍රිස්තුස් නො වේ ද? නුඹත් ගැලවී අපත් ගලවා ගනින්” යැයි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 23:39
6 හුවමාරු යොමු  

උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද්දාවූ සොරුද එසේම උන්වහන්සේට නින්දාකළෝය.


අප විසින් දැක අදහන පිණිස ඉශ්‍රායෙල්ගේ රජවූ ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසීවයි කීවෝය. උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබූ අයද උන්වහන්සේට නින්දාකළෝය.


සෙනඟද බල බලා සිටියෝය. මුලාදෑනීහු උන්වහන්සේට ගැරහුම්කරමින්: මොහු අනුන් ගැළවිය; මොහු දෙවියන්වහන්සේගේ තෝරාගත් ක්‍රිස්තුස් නම් තමාම ගළවාගනීවයි කීවෝය.


නුඹ යුදෙව්වරුන්ගේ රජ නම් නුඹම ගළවාගන්න කියා සරදම්කළෝය.


අනික් අය ඔහුට තරවටුකරමින්: එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන්වහන්සේටවත් භය නැද්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්