හෙරෝද් රජුගේ කාලයේ, යුදයේ බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේ උපන් පසු, මෙන්න! පෙරදිග සිට පඬිවරු යෙරුසලමට පැමිණ,
ලූක් 1:65 - සිංහල කාලීන පරිවර්තනය අසල්වාසී සියල්ලෝ බයින් ඇලළී ගියෝ ය; යුදයේ කඳුකරය පුරා වූ ජනයා මේ දෑ ගැන කතා කරන්නට වන්හ. Sinhala New Revised Version අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙපවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය. Sinhala New Revised Version 2018 අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙපවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය. Sinhala Revised Old Version ඔවුන් අවට විසූ සියල්ලන් කෙරෙහි භය පැමිණියේය. මේ සියලු කීම් යුදයෙහි මුළු කඳු රටේ පතළවී ගියේය. |
හෙරෝද් රජුගේ කාලයේ, යුදයේ බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේ උපන් පසු, මෙන්න! පෙරදිග සිට පඬිවරු යෙරුසලමට පැමිණ,
සියල්ලෝ විස්මයෙන් ඇලළී, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වී දේව භයින් ද වෙළී, “අද අප පුදුමාකාර දේ දැක්කා” යි කීහ.
එවිට සියල්ලෝ භයින් වෙළී, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර නැගිටලා! දෙවියන්වහන්සේ තම ජනයාට පිහිට වන්නට ඇවිල්ලා!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය.
එපීසයේ විසූ යුදෙව් හා ග්‍රීක සියල්ලන් මෙය දැනගත් කළ, ඒ සැවොම බියෙන් ඇලළී ගියහ. යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය ද ඉහළම ගෞරවයට පාත්‍ර විය.
හැම කෙනෙක්ම ගෞරවාන්විත භීතියකින් පිරී ගියහ. අපෝස්තුලුවරුන් අතින් බොහෝ පුදුම ද අනුහස් ලකුණු ද සිදු විය.
එහෙත්, ඒ දවස් තුනහමාරට පසු, දෙවියන්වහන්සේගෙන් ජීවන හුස්ම ඔවුන් තුළට ඇතුළු වුණෙන්, ඔවුහු දෙපයින් නැගී සිටගත්හ; ඒ දුටුවන් පිට මහා භීතියක් පතිත විය.