Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 1:65 - Sinhala Revised Old Version

65 ඔවුන් අවට විසූ සියල්ලන් කෙරෙහි භය පැමිණියේය. මේ සියලු කීම් යුදයෙහි මුළු කඳු රටේ පතළවී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

65 අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙ‍පවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

65 අසල්වාසී සියල්ලෝ බයින් ඇලළී ගියෝ ය; යුදයේ කඳුකරය පුරා වූ ජනයා මේ දෑ ගැන කතා කරන්නට වන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

65 අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙ‍පවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 1:65
12 හුවමාරු යොමු  

ඒ දවස්වලදී මරියා නැගිට කඳු රට කරා, යුදයේ නුවරකට, වහාම ගොස්,


මුළු සභාවටද මේ දේ ඇසූ සියල්ලන්ටද මහත් භයක් පැමිණියේය.


අනනියස් ඒ වචන අසා වැටී මළේය. ඒ ඇසූ සියල්ලන්ට මහත් භයක් පැමුණුණේය.


එවිට සියලුදෙනා කෙරෙහි භය පැමුණුණේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරණකොටගෙන කරන ලද්දේය.


එකල සියල්ලෝම භයපත්ව: උතුම්වූ අනාගතවක්තෘ කෙනෙක් අප අතරෙහි නැගුටුණුසේක, දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලූසේක කියා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.


ඒ දවස් තුනහමාරට පසු ජීවන හුස්ම දෙවියන්වහන්සේගෙන් ඔවුන් තුළට පැමිණ, ඔව්හු නැගිට සිටියෝය; ඔවුන් දුටුවන් කෙරෙහි මහත් භය පැමුණුණේය.


මෙය එපීසයෙහි විසූ සියලු යුදෙව්වරුන්ටද ග්‍රීක්වරුන්ටද දැනගන්ට ලැබුණේය; ඔවුන් සියල්ලන් කෙරෙහි භයක් පැමුණුණේය, ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයටද ගෞරව පැමුණුණේය.


මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.


එවිට ගිබියොන් හි මනුෂ්‍යයෝ: ඔබගේ දාසයන් අත්නෑර අප වෙතට ඉක්මනින් අවුත් අප ගළවා අපට උපකාරකළ මැනවි. මක්නිසාද කඳු රටේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධව එකතුවී සිටිතියි ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවාට කියා යැවූහ.


තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්:


සියල්ලෝ විස්මපත්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: අද පුදුම දේ දුටිමුව කියා භයෙන් පිරුණෝය.


ඒ ඇසූ සියල්ලෝ තමුන්ට එඬේරුන් විසින් කියනලද දේවලට පුදුමවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්