Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 5:5 - සිංහල කාලීන පරිවර්තනය

5 අනනියස් ඒ ඇසූ කල, ඇද වැටී, මළේ ය. ඒ වග ඇසූ සියල්ලන් පිට මහා බයක් පැමිනුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 අනනියස් ඒ වචන අසා මැරී වැටුණේ ය. ඒ ඇසූ සියල්ලෝ අතිශයින් බියපත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 අනනියස් ඒ වචන අසා මැරී වැටුණේ ය. ඒ ඇසූ සියල්ලෝ අතිශයින් බියපත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 අනනියස් ඒ වචන අසා වැටී මළේය. ඒ ඇසූ සියල්ලන්ට මහත් භයක් පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 5:5
26 හුවමාරු යොමු  

හැම කෙනෙක්ම ගෞරවාන්විත භීතියකින් පිරී ගියහ. අපෝස්තුලුවරුන් අතින් බොහෝ පුදුම ද අනුහස් ලකුණු ද සිදු විය.


ඒ පැයේදීම තදබල භූමිකම්පාවක් විය. නගරයෙන් දහයෙන් කොටසක් ඉන් බිඳ වැටිණි. හත්දහසක ජනතාවක් භූමිකම්පාවෙන් මළහ. ඉතිරි වූවෝ භීතියට පත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට මහිමය දුන්හ.


යමකු ඔවුනට අනතුරු කරන්නට යන්නේ නම්, ඔවුන්ගේ මුවින් ගිනි වැගිර, ඔවුන්ගේ සතුරන් දවා දැමේ; ඔවුන්ට අනතුරු කරන්නට සොයන්නවුන් එලෙස මරා දමනු ලැබිය යුතු වේ.


කලින් පව් කර තිබූ අයට හා සෙසු හැමට අවවාද කර ඇත්තෙමි. මා ආපසු පැමිණියහොත්, ඔවුන්ට අනුකම්පාවක් දක්වන්නේ නැති වග දෙවන වරට මා ඔබ වෙත ආ කල, ඔබ ළඟ සිට කී ලෙස, දැන් දුර සිට ද අවවාද කරමි.


මෙම දේව කැමැත්තට අනුකූල වූ ශෝකය ඔබ තුළ කෙතරම් උනන්දුවක් උපදවා ඇත්දැයි බලන්න. ඔබ නිදොස් කර ගැනීමේ කෙතරම් උනන්දුවක්, කෙතරම් හෙළා දැකීමක්, කෙතරම් බයක්, කෙතරම් දැඩි ආශාවක්, කෙතරම් උද්යෝගයක් හට ගැනුනා ද? කවර නම් දඬුවම් දීමක් ද! මේ කාරණයේදී හැම අංශයකින්ම ඔබේ නිදොස් වග ඔබම ඔප්පු කර තිබේ.


ඔබ කැමති මින් කුමකට ද? ඉපලක් ගෙන මා ඔබ වෙත එනවාට ද? නැතහොත් ප්‍රේමයෙන් හා මුදු ගුණ හැඟීමෙන් ඔබ වෙත එනවාට ද?


මෙන්න, දැන් ස්වාමින්වහන්සේගේ හස්තය නුඹට එරෙහිව, නුඹ අන්ධ වනු ඇත; කලකට හිරු එළිය දකින්නට නුඹට නො හැකි වනු ඇතැ” යි කීවේ ය. එකෙණෙහිම ඇස් පටලයකින් ද අන්ධකාරයකින් ද ඔහුගේ ඇස් වැසිණි. එවිට ඔහු තමාට කනවැල අල්ලන්නට කෙනකු සොයමින් එතැන මෙතැන ගියේ ය.


ඔවුන් හා එක්වීමට සෙසු කිසිවකුටත් ධෛර්යය තිබුණේ නැත. එහෙත් ජනයා ඔවුන් ඉතා උසස් කොට සැලකූහ.


ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්