ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 9:28 - සිංහල කාලීන පරිවර්තනය

එවිට ඔවුහු ඔහුට අපහාස කරමින්, “නුඹයි ඔහුගේ ගෝලයා, අපි මෝස‍ෙස්ගේ ගෝලයෝයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු ඔහුට බැණවදිමින්, “ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නම් මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වම්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු ඔහුට බැණවදිමින්, “ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නම් මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වම්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු ඔහුට නින්දාකොට: නුඹ ඔහුගේ ගෝලයාය; අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය.

පරිච්ඡේදය බලන්න



යොහන් 9:28
12 හුවමාරු යොමු  

එතැන පසුකර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්,


“මා නිසා, අන්‍යයන් ඔබට ගැරහුම් කරන කල, පීඩා කරන කල, හැම අයුරකම නපුර පවරා, ඔබට එරෙහිව අසත්‍ය පවසන කල ඔබ භාග්‍යවත් ය.


මෝසෙස් ඔබට නීති සංග්‍රහයක් දුන්නේ නැද්ද? එහෙත් ඔබ කිසිවකුත් ඒ නීති පිළිපදින්නේ නැහැ. ඔබ මා මරන්ට හදන්නේ මොකදැ?” යි ඇසූ සේක.


ඔවුහු ඊට පිළිතුරු දෙමින්, “නුඹ අන්ත පාපයේ උපන් කෙනෙක්; නුඹ එනවා ද අපට උගන්වන්නැ” යි කියා, ඔහු පිටතට පන්නා දැමූහ.


එහෙත් ඔබ යුදෙව්වෙකියි කියා ගනිමින්, දහම් නීතියේ එල්ලී, දෙවියන්වහන්සේ තුළ පාරට්ටු කර ගනිමින්,


අපි වෙහෙස වී, අපේම දෑතින් වැඩ කරන්නෙමු. අපට ශාප කරන කල, අපි සෙත් පතන්නෙමු. හිංසා කරන කල, ඒවා විඳ දරා ගන්නෙමු.


සොරුන්, තණ්හාධිකයින්, බේබද්දන්, අපවාද නගන්නන් හෝ කොල්ලකරුවන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමය ලබන්නේ නැත.


උන්වහන්සේට නින්දා අපහාස කරනු ලැබූ කල, උන්වහන්සේ පෙරළා නින්දා කළේ නැත; උන්වහන්සේ වධ විඳි කල, තර්ජන කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ යුක්තියෙන් විනිශ්චය කරන තැනැන්වහන්සේට තමන්ම භාරවන්නට වූ සේක.