Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 2:17 - සිංහල කාලීන පරිවර්තනය

17 එහෙත් ඔබ යුදෙව්වෙකියි කියා ගනිමින්, දහම් නීතියේ එල්ලී, දෙවියන්වහන්සේ තුළ පාරට්ටු කර ගනිමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔබ ජුදෙව් නාමය දරන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි පිහිටා දෙවියන් වහන්සේ ගැන පාරට්ටු කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔබ ජුදෙව් නාමය දරන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි පිහිටා දෙවියන් වහන්සේ ගැන පාරට්ටු කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එහෙත් නුඹ යුදෙව්වෙක්යයි කියනු ලැබ ව්‍යවස්ථාවෙහි පිහිටා සිට දෙවියන්වහන්සේ ගැන පාරට්ටුකරගන්නෙහි නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 2:17
27 හුවමාරු යොමු  

දහම් නීතිය ගැන පාරට්ටු කරගන්නා ඔබ, එම නීතිය කඩමින්, දෙවියන්වහන්සේට නිග්‍රහ කරනවා ද?


“ඔබගේ පීඩා ද ඔබගේ දිළිඳුකම ද දනිමි. එහෙත් ඔබ ධනවත් ය! යුදෙව්වන් නො වන නමුත් තුමූ යුදෙව්වන්ය කියා ගන්නා, සාතන්ගේ සිනගෝගයට අයත් වූවන්ගේ අපවාද ද මම දනිමි.


ඒ ඇයි? ඒ, ඔවුන් ඇදහිල්ල මඟින් නො ව, ක්‍රියා මත පිහිටා කටයුතු කළ බැවිනි. එබැවින් ඔවුහු පැකිළීමේ ගල පිට පැකුළුණහ.


“ඔබට විරුද්ධව පියාණන්වහන්සේ ඉදිරියේ මම පැමිණිලි කරතැයි නො සිතන්න; එහෙත් ඔබට චෝදනා කරන කෙනෙක් සිටී. ඒ, ඔබ බලාපොරොත්තු තබා සිටින මෝසෙස්ම ය.


‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා යැ’ යි ඔබට කියාගත හැකියයි නො සිතන්න; මන්ද මා ඔබට කියන්නේ, මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ය කියායි.


ඔන්න යුදෙව්වන් නො වන නමුත් තමන් යුදෙව්වන්ය කියා ගන්නා සාතන්ගේ සිනගෝගයේ බොරුකරුවන් අවුත්, ඔබේ දෙපා මුල වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ වග ඔවුන්ට දැන ගන්නටත් සලසන්නෙමි.


“සර්දිස් සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා හා තාරකා හත ඇති තැනැත්තාණන්ගේ වචන මෙසේ ය. “ඔබේ වැඩ මම දනිමි. ඔබ ජීවත් වන බවට ප්‍රසිද්ධියක් ඇති නමුදු ඔබ මිය ගොසිනි.


එබැවින්, කලක් ජන්මයෙන් ඔබ අන්‍ය-ජාතිකව සිටියදී, තමන් “චර්මඡේදිත” යයි තමන්ම කියා ගත්තවුන් විසින් “චර්ම-අඡේදිතයින්‍‍‍‍” ලෙස ඔබ හඳුන්වනු ලැබූ අවදිය සිහි කරන්න. (චර්ම-ඡේදනය මිනිස් අතින් මාංසයෙහි කරන ලද දෙයකි)


උපතින්ම අප යුදෙව්වන් විනා, අන්‍ය-ජාතික පව්කරුවන් නො වේ;


ඔවුහු හෙබ්‍රෙව්වරු ද? මා ද එසේම ය; ඔවුහු ඉශ්‍රායෙල්වරු ද? මා ද එසේම ය; ඔවුහු ආබ්‍රහම්ගේ වංශය ද? මා ද එසේම ය.


නුඹලා කරන්නේ, නුඹලාගේ පියා කළ දේ යැ” යි පවසත්ම, ඔවුහු, “අප නම් අවජාතකයෝ නො වෙයි. අපට ඉන්නේ එකම පියෙක්; ඒ දෙවියන්වහන්සේ යැ” යි විරෝධය පෑහ.


ඔවුහු උන්වහන්සේට පිළිතුරු දෙමින්, “අප පැවත එන්නේ ආබ්‍රහම්ගෙන්; අප කිසිදාක, කිසිවකුට වහල්ව සිටියේ නෑ. එහෙම නම්, ‘ඔබ නිදහස් වනු ඇතැ’ යි ඔබ කියන්නේ කොහොම දැ?” යි ඇසූහ.


මෝසෙස් ඔබට නීති සංග්‍රහයක් දුන්නේ නැද්ද? එහෙත් ඔබ කිසිවකුත් ඒ නීති පිළිපදින්නේ නැහැ. ඔබ මා මරන්ට හදන්නේ මොකදැ?” යි ඇසූ සේක.


එවිට උන්වහන්සේ, “ඔබේ පිළිතුර නිවැරදියි; එලෙස කරන්න; එවිට ඔබ ජීවත්වනු ඇතැ” යි ඔහුට පැවසූ සේක.


ඔබ ශුද්ධ ලියවිලි පිරික්සන්නේ සදාතන ජීවනය ඒවායේ ගැබ්ව ඇතැයි යන අදහසින්. මා ගැන සාක්ෂි දරන්නේ ද එම ලියවිලිමයි.


එසේ නම් අපගේ පුරසාරම කොහේ ද? එය ඉවත් කරනු ලැබ ඇත. ඒ කවර නීතියකින් ද? ක්‍රියාවල නීතියකින් ද? නැත! ඇදහිල්ලේ නීතියෙනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්