එකල නායක පූජකයෝ හා ජනයාගේ වැඩිහිටියෝ කායාපස් නම් වූ උත්තම පූජකයාගේ මන්දිරයට රැස් වූවෝ,
යොහන් 11:47 - සිංහල කාලීන පරිවර්තනය එවිට නායක පූජකවරු හා පරිසිවරු මන්ත්‍රණ සභාව රැස් කරවා, “අප මොනවා ද කළ යුත්තේ? මේ මිනිසා බොහෝ අනුහස් ලකුණු දක්වයි. Sinhala New Revised Version එවිට නායක පූජකයෝ ද, පරිසිවරු ද ශ්‍රේෂ්ඨාධිකරණය රැස් කරවා, “අපි කුමක් කරමු ද? මේ මිනිසා බොහෝ හාස්කම් කරයි. Sinhala New Revised Version 2018 එවිට නායක පූජකයෝ ද, පරිසිවරු ද ශ්‍රේෂ්ඨාධිකරණය රැස් කරවා, “අපි කුමක් කරමු ද? මේ මිනිසා බොහෝ හාස්කම් කරයි. Sinhala Revised Old Version එබැවින් නායක පූජකයෝද ඵරිසිවරුද මන්ත්‍රණ සභාවක් රැස්කරවා: අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි. |
එකල නායක පූජකයෝ හා ජනයාගේ වැඩිහිටියෝ කායාපස් නම් වූ උත්තම පූජකයාගේ මන්දිරයට රැස් වූවෝ,
එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය; ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.
පාස්කුවට හා නුමුහුන් රොටි උළෙලට තිබුණේ දවස් දෙකක් පමණි. නායක පූජකවරු හා දහම් පඬිවරු කූට උපායකින් උන්වහන්සේ අල්ලා, මරා දමන්නේ කෙසේදැයි සෙවූහ.
නායක පූජකවරු හා දහම් පඬිවරු උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි සෙවූහ. මන්ද ඔවුහු ජනතාවට බය වූහ.
මේ අතර, යේසුස්වහන්සේ සිටින තැන දැන ගතහොත්, උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ වග තමන්ට දැනුම් දිය යුතු ය යන අණක් නායක පූජකයින් හා පරිසිවරුන් නිකුත් කර තිබිණි.
එබැවින්, ඔවුනොවුන් ඇමතූ පරිසිවරු, “පේනවද අපට කිසි ජයක් නැති හැටි. බලන්න! මුළු ලෝකයම ඔහු පස්සේ ගිහිල්ලා” යි කීහ.
මෙය යේසුස්වහන්සේ ගලීලයේ කානාහි දී පෑ ප්‍රථම අනුහස් ලකුණ ය; මෙයින් උන්වහන්සේ ස්වකීය තේජෝ මහිමය ප්‍රකාශ කළ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.
උන්වහන්සේ රෝගීන් උදෙසා දක්වා තිබූ අනුහස් ලකුණු දැක තිබූ බැවින් විශාල පිරිසක් උන්වහන්සේ පසුපස ගියහ.
උන්වහන්සේ ගැන ජනයා කසුකුසුවෙන් කී ඒ දෑ පරිසිවරුන්ට ඇසුණි. නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට දේව මාලිග මුර සෙබළුන් යැවූහ.
දේව මාලිග මුර සෙබළුන් ආපසු නායක පූජකවරුන් හා පරිසිවරුන් වෙත ආ කල, “නුඹලා ඔහු නො ගෙනාවේ මන්දැ?” යි ඔවුහු ඇසූහ.
ඒ අනුව ඔවුහු දවස උදා වෙත්ම, දේව මාලිගයට පිවිස, ජනතාවට උගන්වන්නට වන්හ. ඒ අතර උත්තම පූජකයා, තම හවුල්කරුවන් ද සමඟ පැමිණ, ඉශ්‍රායෙල් මුළු වැඩිහිටි සමාජය වන මන්ත්‍රණ සභාව රැස් කරවා, අපෝස්තුලුවරුන් ගෙන ඒමට සිර ගෙදරට මිනිසුන් යැවී ය.
එපුවත ඇසූ දේව මාලිගයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ද නායක පූජකවරු ද මෙයින් කුමක් වේ දෝයි සිතාගත නො හැකිව අන්ද මන්ද වූහ.