Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 12:19 - සිංහල කාලීන පරිවර්තනය

19 එබැවින්, ඔවුනොවුන් ඇමතූ පරිසිවරු, “පේනවද අපට කිසි ජයක් නැති හැටි. බලන්න! මුළු ලෝකයම ඔහු පස්සේ ගිහිල්ලා” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එබැවින් පරිසිවරු ඔවුනොවුන් අතර කතා කරගනිමින්, “අපට කිසිවක් නොකළ හැකි බව පෙනෙනවා නොවේ ද? බලන්න, මුළු ලෝකය ම ඔහු පසුපස්සේ ගොස් ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එබැවින් පරිසිවරු ඔවුනොවුන් අතර කතා කරගනිමින්, “අපට කිසිවක් නොකළ හැකි බව පෙනෙනවා නොවේ ද? බලන්න, මුළු ලෝකය ම ඔහු පසුපස්සේ ගොස් ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එහෙයින් ඵරිසිවරු ඔවුනොවුන් කථාකරමින්: නුඹලාට කිසි ජයක් නැති හැටි බලන්න. අන්න, ලෝකයා ඔහු පස්සේ ගියෝයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 12:19
14 හුවමාරු යොමු  

එහෙත් නායක පූජකයෝ හා දහම් පඬිවරු, උන්වහන්සේ කළ අරුම පුදුම හා “දාවිත්ගේ පුත්‍රයාණන්ට හෝසන්නා!” කියමින් දේව මාලිගය තුළ දරුවන්ගේ මොරගෑම දැක, කුපිත වූහ.


ජන සමූහයා උන්වහන්සේ හමුවට ගියේ, මෙම අනුහස් ලකුණ උන්වහන්සේ පෑ වග ඔවුන්ට සැල වූ නිසා ය.


නමස්කාර කරන්නට මංගල්‍යයට පැමිණ සිටියවුන් අතර ග්‍රීකයෝ ඇතැම් දෙනෙක් ද වූහ.


පියාණෙනි, ඔබ මා තුළත්, මා ඔබ තුළත් සිටින අයුරින් ඔවුන් ද ඒකත්වයක් වේවා යන්නයි; මා එවුවේ ඔබවහන්සේ බව ලෝකයා විශ්වාස කරන පිණිස, ඔවුන් ද අප තුළ වේවා යන්නයි;


ඔවුහු යොහන් අමතමින්, “රබ්බී, යොර්දානෙන් එතෙර ඔබ සමඟ සිටි, අර ඔබ සාක්ෂි දැරූ තැනැත්තාත් දැන් බව්තීස්ම කරයි; දැන් හැමෝම යන්නේ ඔහු වෙත යැ” යි කීවේ ය.


එහෙත් එහිදී ඔවුන් හමු නො වූ බැවින්, ඔවුහු ජේසන් ද සහෝදරයින් තවත් කීප දෙනකු ද අල්ලා, නගර බලධාරීන් වෙත ඔවුන් ගෙන යමින් කෑ මොර දෙන්නට වන්හ, “ලොව හැම තැන පෙරළි ඇති කළ මිනිස්සු මෙන්න! දැන් මෙහාටත් ඇවිල්ලා.


අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව උන්වහන්සේ ය. අප උදෙසා පමණක් නො වේ; මුළු ලෝකයාගේම පාප උදෙසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්