Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:32 - සිංහල කාලීන පරිවර්තනය

32 උන්වහන්සේ ගැන ජනයා කසුකුසුවෙන් කී ඒ දෑ පරිසිවරුන්ට ඇසුණි. නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට දේව මාලිග මුර සෙබළුන් යැවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 සමූහයා උන් වහන්සේ ගැන මේ දේ කියමින් කොඳුරනු ඇසූ පරිසිවරු ද නායක පූජකයෝ ද උන් වහන්සේ අල්ලාගන්නට මුර සේවකයන් යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 සමූහයා උන් වහන්සේ ගැන මේ දේ කියමින් කොඳුරනු ඇසූ පරිසිවරු ද නායක පූජකයෝ ද උන් වහන්සේ අල්ලාගන්නට මුර සේවකයන් යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 සමූහයා උන්වහන්සේ ගැන මේ දේවල් කියමින් කොඳුරනවා ඵරිසිවරුන්ට ඇසී, නායක පූජකයෝද ඵරිසිවරුද උන්වහන්සේ අල්ලන්ට සේවකයන් යැවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:32
13 හුවමාරු යොමු  

එවිට ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, සෙසු නිලධාරීන් සමඟ පිටත්ව ගොස්, අපෝස්තුලුවරුන් කැඳවාගෙන ආවේ ය. එහෙත් ජනයා තමනට ගල් ගසතැයි බියෙන් ඔවුහු ඔවුන් කැටිව ආයේ, කිසිදු බලහත්කාරයක් නො පාමිනි.


එබැවින් යූදස්, හේවා කණ්ඩායමක් ද නායක පූජකයින් හා පරිසිවරුන්ගෙන් ලබාගත් නිලධාරි කණ්ඩායමක් ද සමඟ එහි ආවේ ය. ඔවුන් අත පහන්, පන්දම් හා අවි ද විය.


එබැවින්, ඔවුනොවුන් ඇමතූ පරිසිවරු, “පේනවද අපට කිසි ජයක් නැති හැටි. බලන්න! මුළු ලෝකයම ඔහු පස්සේ ගිහිල්ලා” යි කීහ.


“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණටම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත.


එහෙත් පරිසිවරු එතැනින් නික්ම ගියාහු, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.


උත්තම පූජක මැදුරේ මිදුල තෙක් මදක් දුරින්, යේසුස්වහන්සේ පසුපසින් ගිය පේතෘස් ඉන්පසු එහි ඇතුළුව, කුමක් වේ දෝයි බලනු පිණිස, මුර සේවකයන් හා හිඳ ගත්තේ ය.


එවිට ඔවුහු උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූ නමුදු, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවම පැමිණ තිබුණේ නැත.


එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් පරිසිවරුන් වෙත ගොස්, යේසුස්වහන්සේ කළ දේ ඔවුන්ට පැවසූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්