Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 14:1 - සිංහල කාලීන පරිවර්තනය

1 පාස්කුවට හා නුමුහුන් රොටි උළෙලට තිබුණේ දවස් දෙකක් පමණි. නායක පූජකවරු හා දහම් පඬිවරු කූට උපායකින් උන්වහන්සේ අල්ලා, මරා දමන්නේ කෙසේදැයි සෙවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 පාස්කුවට ද නුමුහුන් රොටි මංගල්‍යයට ද ඇත්තේ තව දෙදවසකි. නායක පූජකවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 පාස්කුවට ද නුමුහුන් පූප මංගල්‍යයට ද ඇත්තේ තව දෙදවසකි. නායක පූජකවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 පාස්කුවද මුහුන් නොදැමූ රොටි කන මංගල්‍යයද දෙදවසකට පසු පැමිණෙන්ට තිබුණේය. නායක පූජකයෝද ලියන්නෝද උන්වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මරන්නේ කෙසේද කියා සොයමින් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 14:1
23 හුවමාරු යොමු  

ඒ, පාස්කු මංගල්‍යයට මදකට කලින් ය. මෙලොවින් බැහැරව පියාණන්වහන්සේ වෙත යෑමේ තම පැය පැමිණ ඇති වග යේසුස්වහන්සේ දැනගත් සේක. මෙලොව සිටි ස්වකීයයන්ට ප්‍රේම කළ උන්වහන්සේ, අන්තිමය දක්වා ඔවුන්ට ප්‍රේම කළ සේක.


එවිට නායක පූජකවරු හා පරිසිවරු මන්ත්‍රණ සභාව රැස් කරවා, “අප මොනවා ද කළ යුත්තේ? මේ මිනිසා බොහෝ අනුහස් ලකුණු දක්වයි.


එහෙත් පරිසිවරු එතැනින් නික්ම ගියාහු, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.


“එබැවින්, දුගියනට ඔබ දන් දෙන කල, හොරණෑ පිඹ ප්‍රසිද්ධ නො කරන්න. මිනිසුන්ගෙන් ගරු පැසසුම් ලබනු පිණිස කුහකයෝ සිනගෝගවලදීත්, මංමාවත්හිදීත් එසේ කරති. සත්තකින්ම මා ඔබට කියන්නේ, ඒ සඳහා වූ මුළු ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි.


ඔවුහු උනුන් අමතමින්, “නමුත් උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ.


පාස්කු බැටළුවා පූජා කළ නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ උන්වහන්සේට කතා කළ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ.


පේතෘස් අත්අඩංගුවට ගත් හෙරෝද්, ඔහු සිරගෙයි දමා, ඔහු මුර කිරීමේ කාරිය, මුර භටයින් සිව් දෙනකු බැගින් යුතු මුර කණ්ඩායම් හතරකට පැවරී ය. පාස්කුවෙන් පසු ප්‍රසිද්ධියේ ඔහු විභාග කිරීම හෙරෝද්ගේ අදහස විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්