යොහන් 1:38 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ හැරී, ඔවුන් තමන් පසුපස එනු දැක, “මොනවද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක. “රබ්බී, ඔබ සිටින්නේ කොහේ දැ?” යි ඔවුහු ඇසූහ. (රබ්බී යන්නෙහි අර්ථය ගුරුතුමනි යනුයි.) Sinhala New Revised Version ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එනු දැක, “ඔබ කුමක් සොයන්නහු දැ”යි ඇසූ සේක. ඔව්හු ද, “රබ්බි, (එහි තේරුම ගුරුදේවයෙනි, යනු යි.) ඔබ වැඩ වසන්නේ කොතැන දැ”යි ඇසූ හ. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එනු දැක, “ඔබ කුමක් සොයන්නහු දැ”යි ඇසූ සේක. ඔව්හු ද, “රබ්බි, (එහි තේරුම ගුරුදේවයෙනි, යනු යි.) ඔබ වැඩ වසන්නේ කොතැන දැ”යි ඇසූ හ. Sinhala Revised Old Version යේසුස්වහන්සේ හැරී ඔවුන් තමන් පස්සෙන් එනවා දැක: නුඹලා සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හුද: රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතැනදැයි කීවෝය. (රබ්බි යනු ආචාරිනී යන අර්ථය.) |
එපරිදි ඔහු නැගිට, පියා වෙත පිටත් වුණා. “ඔහු ආපසු එනු දුර තියාම දුටු ඔහුගේ පියා, අනුකම්පාවෙන් යුතුව ඔහු වෙත දුව ගොස්, ඔහු වැලඳ, සිප ගත්තා.
යේසුස්වහන්සේ එතැනට පැමිණ, ඉහළ බලා, “සාකෙවුස්, ඉක්මනින් බිමට බහින්න. අද මා ඔබේ නිවසේ නවාතැන් ගත යුතු යැ” යි කී සේක.
එවිට ස්වාමින්වහන්සේ හැරී, එක එල්ලේ පේතෘස් දෙස බැලූ සේක. එකල, “අද කුකුළා හඬලන්නට පෙර තුන් වරක් ඔබ මා නාඳුනමි” යි ස්වාමින්වහන්සේ තමාට කී වචන සිහි කළ පේතෘස්,
යක්ෂාත්මයන්ගෙන් මිදුණු මිනිසා කන්නලව් කරමින් උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු පිටත් කරමින්,
“එන්න, ඇවිත් බලන්නැ” යි උන්වහන්සේ කී සේක. එසේ ගිය ඔවුහු, උන්වහන්සේ වෙසෙන තැන දැක, එදින උන්වහන්සේ සමඟ ගත කළහ. එවිට වෙලාව දස වන පැය පමණ විය.
එවිට නතානියෙල්, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවෝ යැ” යි පැවසී ය.
ඔවුහු ගලීල බෙත්සයිදාහි පිලිප් වෙත ගොස්, “මහත්මයා, යේසුස්වහන්සේ දකින්නට අප කැමති” යි කීහ.
යේසුස්වහන්සේ එවිට තමන්ට සිදුවන්නට යන සියල්ල දැන ඉදිරියට අවුත්, “කවුරු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.
උන්වහන්සේ නැවතත්, “කවරකු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු කීහ.
ඔහු යේසුස්වහන්සේ වෙත රෑ පැමිණ, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ගුරුවරයකු වග අප දන්නවා. මන්ද තමන් සමඟ දෙවියන්වහන්සේ නො සිටින කෙනකුට ඔබ දක්වන මේ ලකුණු කරන්නට බැරි යැ” යි කීවේ ය.
ඔවුහු යොහන් අමතමින්, “රබ්බී, යොර්දානෙන් එතෙර ඔබ සමඟ සිටි, අර ඔබ සාක්ෂි දැරූ තැනැත්තාත් දැන් බව්තීස්ම කරයි; දැන් හැමෝම යන්නේ ඔහු වෙත යැ” යි කීවේ ය.
මුහුදින් එතෙරදී උන්වහන්සේ හමු වූ කල, ඔවුහු උන්වහන්සේ අමතමින්, “රබ්බී, ඔබතුමා මෙහි ආවේ කොයි වේලේ දැ?” යි ඇසූහ.
එබැවින් පහළ බැස, ඒ මිනිසුන් හමුවට ආ පේතෘස්, “ඔබ සොයන තැනැත්තා මමයි. ඔබ ආ කාරණය කිමෙක් දැ?” යි ඇසී ය.
එබැවින් මා කැඳවා යැවූ කල, පැකිළීමක් නැතිව මා ආවා. දැන් මා ඔබෙන් අහන්නේ, මා කැඳවූ හේතුව කිමෙක් ද කියායි?” ඇසුවේ ය.