Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 3:2 - සිංහල කාලීන පරිවර්තනය

2 ඔහු යේසුස්වහන්සේ වෙත රෑ පැමිණ, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ගුරුවරයකු වග අප දන්නවා. මන්ද තමන් සමඟ දෙවියන්වහන්සේ නො සිටින කෙනකුට ඔබ දක්වන මේ ලකුණු කරන්නට බැරි යැ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 3:2
30 හුවමාරු යොමු  

“එනමුත් මට තිබෙන්නේ යොහන්ගේ සාක්ෂියට වඩා උතුම් සාක්ෂියකි. ඉෂ්ට කරන පිණිස පියාණන්වහන්සේ මට පැවරූ කාර්ය වන මා දැන් කරගෙන යන වැඩ කොටස, පියාණන්වහන්සේ මා එවූ බවට සාක්ෂි දරයි.


දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා බලයෙන් නාසරෙත්හි යේසුස්වහන්සේ ආලේප කළ හැටිත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් යහපත කරමින් හා යක්ෂ බලයට යටවූවන් සුව කරමින් උන්වහන්සේ සැරි සැරූ හැටිත් ඔබ දනී.


“ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක.


පරිසීන්ගෙන් ඇතමෙක් කතා කරමින්, “මේ මිනිසා දෙවියන්වහන්සේගෙන් ආවා නො වේ. මන්ද ඔහු සබත් පවත්වන්නේ නැතැ” යි කීහ. සෙසු අය “පව්කාර මනුෂ්‍යයකු මෙබඳු අනුහස් ලකුණු කරන්නේ කෙසේ දැ?” යි කීහ. මෙසේ ඔවුන් අතර බෙදීමක් විය.


යේසුස්වහන්සේ ඔවුන් ඉදිරියේ මෙපමණ අනුහස් ලකුණු දැක්වුව ද, ඔවුන් උන්වහන්සේ මත විශ්වාසය තැබුවේ නැත.


යේසුස්වහන්සේ හැරී, ඔවුන් තමන් පසුපස එනු දැක, “මොනවද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක. “රබ්බී, ඔබ සිටින්නේ කොහේ දැ?” යි ඔවුහු ඇසූහ. (රබ්බී යන්නෙහි අර්ථය ගුරුතුමනි යනුයි.)


ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන බවත් අපි දනිමු.


එසේ වුව ද බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ. ඔවුහු කතා කරමින්, “ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම මේ මිනිසා කරනවාටත් වඩා අනුහස් ලකුණු කරාවි දැ?” යි කීහ.


එවිට යේසුස්වහන්සේ, “මරියා!” යි ඇය ඇමතූ සේක. එදෙස හැරුණු මරියා, “රබ්බෝනි!” යි උන්වහන්සේට කීවා ය. (හෙබ්‍රෙව් බසින් රබ්බෝනි, ගුරුතුමනි යනුයි.)


කිසි කෙනකු නො කළ වැඩ මා ඔවුන් මධ්‍යයේ සිදු නො කළා නම්, පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එනමුත් දැන් ඔවුහු ඒ දෑ දැක, මටත්, මගේ පියාණන්වහන්සේටත් යන දෙදෙනාටම ද්වේෂ කරති.


ඔවුහු යොහන් අමතමින්, “රබ්බී, යොර්දානෙන් එතෙර ඔබ සමඟ සිටි, අර ඔබ සාක්ෂි දැරූ තැනැත්තාත් දැන් බව්තීස්ම කරයි; දැන් හැමෝම යන්නේ ඔහු වෙත යැ” යි කීවේ ය.


ඔවුහු පැමිණ උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන කෙනෙක්. සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්ද?


අප සහෝදරයින් වැඩි දෙනෙක්, මාගේ මේ සිර-බැඳුම් නිසා දෙවියන්වහන්සේගේ වචනය වඩාත් එඩිතරව, අභීතව කතා කරන්නට ස්වාමින්වහන්සේ තුළ ධෛර්යය ලැබ සිටිති.


ඔවුහු ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත්, මිනිසුන්ගෙන් ‘රබ්බී’ කියා අමතා ගැනීමටත් ආශා කරති.


“එහෙත් ඔබ, අනුන් ලවා රබ්බී කියා අමතා ගත යුතු නැත. මන්ද ඔබට සිටින්නේ එක ගුරුවරයෙකි. ඔබ හැම සහෝදරයින් ය.


මෙය යේසුස්වහන්සේ ගලීලයේ කානාහි දී පෑ ප්‍රථම අනුහස් ලකුණ ය; මෙයින් උන්වහන්සේ ස්වකීය තේජෝ මහිමය ප්‍රකාශ කළ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.


ඒ අතර ගෝලයෝ, “රබ්බී, යමක් කන්නැ” යි උන්වහන්සේට පෙරැත්ත කළහ.


උන්වහන්සේ රෝගීන් උදෙසා දක්වා තිබූ අනුහස් ලකුණු දැක තිබූ බැවින් විශාල පිරිසක් උන්වහන්සේ පසුපස ගියහ.


එහෙත් මා ඒවා කරනවා නම්, ඔබ මා විශ්වාස නො කළත්, පියාණන්වහන්සේ මා තුළත්, මා පියාණන්වහන්සේ තුළත් සිටින බව ඔබ දැනගන්නා පිණිසත්, වටහා ගන්නා පිණිසත්, කරන වැඩ විශ්වාස කරන්නැ” යි පැවසූ සේක.


මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන වග, ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මා ඔබට පවසන වචන ම විසින්ම කරන කතා නො ව, මා තුළ වසන පියාණන්වහන්සේගේ ම ක්‍රියා කිරීමකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්