Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 12:21 - සිංහල කාලීන පරිවර්තනය

21 ඔවුහු ගලීල බෙත්සයිදාහි පිලිප් වෙත ගොස්, “මහත්මයා, යේසුස්වහන්සේ දකින්නට අප කැමති” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔව්හු, ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ, “මහතාණෙනි, අපි ජේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔව්හු, ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ, “මහතාණෙනි, අපි ජේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එවිට ඔව්හු ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ: මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 12:21
13 හුවමාරු යොමු  

“අහෝ කොරාසීනය, ඔබට වන විපතක මහත! අහෝ බෙත්සයිදා, ඔබට වන විපතක මහත! මන්ද නුඹ දෙපොලේ කරන ලද බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි දී කරන ලද නම්, මීට බොහෝ කලින් ඔවුන් ගෝණි පඩංගු හැඳ, අළු මත හිඳ පසුතැවිලි වන්නට තිබිණි.


“යුදෙව්වන්ගේ රජව උපන් තැනැත්තේ කොහේ ද? මන්ද එතුමාණන්ගේ තරුව නැගෙනහිරින් දැක, අප මේ ආවේ එතුමාණන්ට නමස්කාර කරන්නට යැ” යි කීහ.


“ඔබතුමා මා ගැන දන්නේ කොහොම දැ?” යි නතානියෙල් ඇසී ය. “පිලිප් ඔබට කතා කරන්නට කලින් ඔබ අත්තික්කා ගහ යට සිටිනු මා දුටුවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.


මන්ද මගේ පියාණන්වහන්සේ කැමති, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකුම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්