යේසුස්වහන්සේ ඔවුන්ගේ කතා බහ දැන, “අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, රොටි නො ගෙන ඒම ගැන ඔබ අතරේ කතා කරන්නේ මන්ද?
මතෙව් 8:26 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “අහෝ, මද ඇදහිලි ඇත්තනි, මොකට ඔතරම් බය දැ?” යි අසා, ඉන්පසු නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට මහා නිසලතාවක් ඇති විය. Sinhala New Revised Version උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය. Sinhala Revised Old Version උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය. |
යේසුස්වහන්සේ ඔවුන්ගේ කතා බහ දැන, “අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, රොටි නො ගෙන ඒම ගැන ඔබ අතරේ කතා කරන්නේ මන්ද?
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත්ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදුවන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත.
අද පිපී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? අහෝ ඇදහිලි මද තැනැත්තෙනි,
ඉන් විස්මපත් ඒ මිනිස්සු, “මොන විදියේ මනුෂ්‍යයෙක් ද මොහු! සුළඟත්, මුහුදත් පවා මොහුට කීකරු වෙතැ” යි කීහ.
එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්. “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක. එවිට ඔවුන් මධ්‍යයේ ඔහු බිම හෙළූ යක්ෂාත්මය, ඔහුට හානියක් නො කර, ඔහුගෙන් පිටතට ආවේ ය.
දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිශ්වාසයකින්, ඔහු තමා තුළ දෙගිඩියාවක් ඇති කර නො ගෙන, තම ඇදහිල්ලෙහි බලවත් වෙමින්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේ,
ඔහුගේ අතේ දිග ඇරුණු කුඩා ඇකුළුම් පොතක් විය. තම දකුණු පය මුහුදේ ද තම වම් පය ගොඩබිම ද තබාගෙන සිටි ඔහු,