Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 8:26 - Sinhala Revised Old Version

26 උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “අහෝ, මද ඇදහිලි ඇත්තනි, මොකට ඔතරම් බය දැ?” යි අසා, ඉන්පසු නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට මහා නිසලතාවක් ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 8:26
24 හුවමාරු යොමු  

උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.


ඔබ මුහුදේ උඩඟුකම දමනයකරනසේක. එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක.


මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද?


එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්,


යේසුස්වහන්සේ ඒ බව දැන: මඳ ඇදහිල්ල ඇත්තෙනි, නුඹලාට රොටි නැති නිසා කුමකට නුඹලා අතරෙහි කථාකර ගන්නහුද?


ඔහුගේ අතේ දිගහරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පය මුහුද පිටද වම් පය ගොඩබිම පිටද තබා,


ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?


උන්වහන්සේ මුහුදට තරවටුකොට, හින්දවා, සියලු ගංගාද හින්දවනසේක. බාෂාන්ද කර්මෙල්ද මැලවෙති, ලෙබනොන්හි දළුත් මැලවෙති.


මෝසෙස්ගේ දකුණත ළඟ ස්වකීය තේජවත් බාහුව යන්ට සැලැස්සුවාවූ, තමන්ට සදාකාල නාමයක් ලබාගැනීමට ඔවුන් ඉදිරියෙන් ජලය බෙදා,


ඒ මනුෂ්‍යයෝ මවිතව: මුන්වහන්සේ කෙබඳු කෙනෙක්ද? හුළඟ හා මුහුද පවා මුන්වහන්සේට කීකරුවෙනවායයි කීවෝය.


උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;


යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකර මොහුගෙන් පිටවෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙළා, ඔහුට හිංසාවක් නොකොට, ඔහුගෙන් පිටතට ආයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්