Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 4:35 - සිංහල කාලීන පරිවර්තනය

35 එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්. “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක. එවිට ඔවුන් මධ්‍යයේ ඔහු බිම හෙළූ යක්ෂාත්මය, ඔහුට හානියක් නො කර, ඔහුගෙන් පිටතට ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියාගෙන මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. එවිට දුෂ්ටාත්මය සමූහයා ඉදිරියෙහි ඔහු බිම හෙළා, ඔහුට තුවාළ නොකොට ඔහුගෙන් දුරු වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියාගෙන මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. එවිට දුෂ්ටාත්මය සමූහයා ඉදිරියෙහි ඔහු බිම හෙළා, ඔහුට තුවාළ නොකොට ඔහුගෙන් දුරු වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකර මොහුගෙන් පිටවෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙළා, ඔහුට හිංසාවක් නොකොට, ඔහුගෙන් පිටතට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 4:35
17 හුවමාරු යොමු  

යක්ෂාත්මයෝ ද “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කෑ ගසමින් බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. එහෙත් උන්වහන්සේ උන්ට තරවටු කරමින්, කතා කරන්නට ඉඩ නො දුන් සේක. මන්ද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග උන් දැන සිටි නිසා ය.


එවිට උන්වහන්සේ ඇය වෙත නැඹුරුව, උණ රෝගයට තරවටු කළ සේක; උණ ඇගෙන් බැස ගියේ ය. එකෙණෙහිම නැගිට්ට ඕ, ඔවුනට සත්කාර කරන්නට වූවා ය.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “අහෝ, මද ඇදහිලි ඇත්තනි, මොකට ඔතරම් බය දැ?” යි අසා, ඉන්පසු නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට මහා නිසලතාවක් ඇති විය.


එබැවින් එම්බා ස්වර්ගයෙනි, ඒවායේ වෙසෙන සියල්ලෙනි, ප්‍රීතිවන්න. එහෙත්, එම්බා පොළොව හා මුහුද, නුඹලාට දුක් වේ! මන්ද යක්ෂයා මහා උදහසකින්, නුඹලා වෙත බැස ඇවිදින් ය. මන්ද තමාගේ කාලය කෙටි වග ඌ දන්නා බැවිනි.”


එහෙත් ඔහුට වඩා බලවතෙක් පැමිණි කල, ඔහුට පහර දී යටත් කර, ඔහු විශ්වාසය තැබූ අවි ආයුධ ද පැහැරගෙන, කොල්ලකා ගත් දේ බෙදා දෙයි.


ළමයා එද්දී ද යක්ෂාත්මය ඔහු වෙවුලවා බිම හෙළී ය. එහෙත් යේසුස්වහන්සේ අපවිත්‍ර ආත්මයට තරවටු කොට, දරුවා සුව කර, ඔහුගේ පියාට ඔහු බාර දුන් සේක.


බලන්න, ආත්මයක් ඔහුට වැහී, හිටි හැටියේ කෑ මොර දෙයි; කටින් පෙණ දමන තුරු හොඳටෝම ඔහු වෙවුලවයි; දරුවාට බොහෝ වධ දී මිස, ලෙහෙසියෙන් ඉවත්ව නො යයි.


එවිට ඔවුහු උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, ස්වාමිනි, අප විනාශ වෙන්නටයි යන්නේ!” යි කෑ ගැසූහ. උන්වහන්සේ නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට ඒවා නැවතිණ; සියල්ල නිසල විය.


එවිට ඌ කෑ ගසා, සැහැසිව දරුවා වෙවුලවා, පිටතට ආයේ ය. දරුවා මළ කඳක් සේ විය. “ඔහු මැරිලා” යි බොහෝ දෙනෙක් කීහ.


එවිට මිනිසා වේගයෙන් වෙවුල වූ දුෂ්ටාත්මය, මර හඬ නගමින් ඔහුගෙන් පිටතට ආවේ ය.


යේසුස්වහන්සේ ඔහුට තරවටු කළෙන්, යක්ෂාත්මය ඔහුගෙන් පිටතට ආයේ ය. එකෙණෙහිම දරුවා සුව කරනු ලැබිණ.


උන්වහන්සේ නැගිට, සුළඟට තරවටු කොට, “නිහඬ වනු! නිසලවනු!” යි මුහුදු රැළට කී සේක. එවිට සුළඟ නැවතිණ. සියල්ල නිසල විය.


උන්වහන්සේ ඔවුන් අමතමින්, “ ‘වෙදාණනි, තමාම සුව කරගන්න!’ යන ප්‍රස්තාව පිරුළ ගෙන හැර, නිසැකයෙන්ම ඔබ මට කියාවි: ‘අපට අසන්නට ලැබුණු පරිදි, ඔබ කපර්ණවුමේදී කළ දේ මෙහි ඔබ උපන් ගමේදීත් කරන්න’ ” කියා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්