මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.
මතෙව් 5:12 - සිංහල කාලීන පරිවර්තනය ප්‍රීතිවන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙසම ය. Sinhala New Revised Version ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.” Sinhala New Revised Version 2018 ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.” Sinhala Revised Old Version ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය. |
මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.
“ඔබ නිරාහාර ශීලයෙන් සිටින කල, කුහකයින් කරන්නා සේ, අඳුරු මුහුණින් යුතු නො වන්න. මන්ද තමන් නිරාහාරව සිටිනා බැව් පෙන්වීමට ඔවුහු වෙස් පෙරළා ගනිති. සත්තකින්ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි.
“අහෝ! යෙරුසලම, යෙරුසලම, දිවැසිවරුන් මරා දමන්නා වූ, නුඹ වෙත එවනු ලැබූවන්ට ගල් ගසන නුඹ, කිකිළියක ඇගේ පැටවුන් ඇගේ පියාපත් යටට එකතු කරගන්නා සේ නුඹේ දරු කැල එකතු කරන්නට මම කී වරක් නම් ආශා වූවෙම් ද? එහෙත් ඔබ කැමති වුණේ නැත.
“ඒ දවසේදී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් උඩ පනින්න; මන්ද, මෙන්න! ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. මන්ද ඔවුන්ගේ පියවරුන් දිවැසිවරුනට සැලකුවේ ද එලෙසම ය.
එනමුත් ඔබේ සතුරනට ප්‍රේම කරන්න; යහපතම කරන්න. කිසිවක් ආපසු ගන්නා අදහසක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඉෂ්ට විපාකය අනර්ඝ වනු ඇත. ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයින් වනු ඇත. මන්ද කළගුණ දන්නේ නැතිවුන්ට හා දුෂ්ටයින්ට උන්වහන්සේ කාරුණික ය.
රෑ මැදියමේ පමණ පාවුල් හා සීලස් යාච්ඤා කරන්නටත්, දෙවියන්වහන්සේට ගී ගයන්නටත් වූ අතර අනෙක් සිරකරුවෝ ඊට සවන් දෙමින් සිටියහ.
අපෝස්තුලුවරු මන්ත්‍රණ සභාවෙන් පිටව ගියේ ඒ නාමය උදෙසා නින්දා විඳීමට තරම් තුමූ වටින්නන් සේ සලකනු ලැබීම ගැන ප්‍රීති වෙමිනි.
සිටවූ කෙනාත්, වතුර දමන කෙනාත් එක සමාන ය. ඒ එකිනෙකා තමන් කළ මෙහෙයට සරිලන විපාකය ලබයි.
මන්ද ක්‍රිස්තුස්වහන්සේ උදෙසා උන්වහන්සේ අදහාගැනීමේ පමණක් නො ව, උන්වහන්සේ උදෙසා දුක් විඳීමේ වරප්‍රසාදයත් ඔබට ප්‍රදාන කරනු ලැබ ඇත.
එහෙත්, ඔබගේ ඇදහිල්ලේ පූජාවත්, මෙහෙයයත් පිට මගේ ජීවය පාන පූජාවක් සේ වගුරුවනු ලබන්නේ වුව, මම සතුටු වෙමි; ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.
ඔබ උදෙසා විඳින දුක් ගැහැට ගැන, දැන් මම සතුටු වෙමි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ වධ විඳීම්වල අඩුව මාගේ මාංසයෙන් සම්පූර්ණ කරමි.
ත්‍යාගයක් වන උරුමයක් ස්වාමින්වහන්සේ වෙතින් ඔබට ලැබෙන වග ඔබ දන්නා බැවිනි. ඔබ සේවය කරන්නේ ක්‍රිස්තුස් නම් ස්වාමියාණන්ට ය.
ඒ යුදෙව්වෝ යේසුස් ස්වාමින්වහන්සේත්, දිවැසිවරුනුත් මරා දමා, අපත් පලවා හළහ. ඔවුහු දෙවියන්වහන්සේ අමනාප කරවමින්, සියලු මිනිසුනට ද සතුරුව ඇත්තේ,
සිරගත කරනු ලැබූවන්ට ඔබ අනුකම්පාවෙන් සැලකූ අතර ඔබේ දේපළ කොල්ල කෑ කල, සතුටු සිතින් එය බාර ගත්තේ, වඩා හොඳ හා පවතින හිමිකමක් ඔබට ඇති වග දැනගෙන ය.
ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අවමන් විඳීම, ඊජිප්තුවේ ධනයට වඩා වටිනා වස්තුවකැයි සැලකීමෙනි. මන්ද ඔහු ඉෂ්ට විපාකය දෙස බලා සිටියේ ය.
ඔවුහු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළහ. යුක්තිය පිහිටූහ, පොරොන්දු අත්කර ගත්හ; සිංහ මුඛ පියවූහ;
ඇදහිල්ලෙන් තොරව උන්වහන්සේ ප්‍රසන්න කිරීම කළ නො හැක්කකි; මන්ද දෙවියන්වහන්සේ වෙත ළඟා වන කවරකු වුව ද උන්වහන්සේ වැඩ සිටින වගත්, උන්වහන්සේ සොයන අයට ප්‍රතිවිපාක දෙන වගත් විශ්වාස කළ යුතු වෙයි.
මා සහෝදරයිනි, නොයෙක් විදියේ පරීක්ෂාවනට ඔබ මුහුණ පාන කල, ඒවා මහා ප්‍රීතියකැයි සලකන්න.
සහෝදරයිනි, දුක් පීඩා හමුවේ ඉවසීමේ ආදර්ශයක් ලෙස ස්වාමින්වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරුන් ගැන සිතා බලන්න.
උන්වහන්සේගේ තේජෝ මහිමය එළිදරවු වන කල ඔබත් ප්‍රීති වන, ප්‍රමෝද වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ දුක් විඳීමට ඔබත් පංගුකාර වන තරමට ප්‍රීතිවන්න.