Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:23 - සිංහල කාලීන පරිවර්තනය

23 “ඒ දවසේදී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් උඩ පනින්න; මන්ද, මෙන්න! ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. මන්ද ඔවුන්ගේ පියවරුන් දිවැසිවරුනට සැලකුවේ ද එලෙසම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඒ දවසේදී ප්‍රීතිවෙන්න, ප්‍රීතියෙන් නටන්න. මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. ඔවුන්ගේ පියවරු අනාගතවක්තෘවරුන්ටත් එසේම කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:23
45 හුවමාරු යොමු  

ජයගන්නාට මේ උරුමය ලැබේ. මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුතණුවන් වනු ඇත.


ජයගන්නා, මාගේ දෙවියන්වහන්සේගේ මාලිගයේ කුලුනක් කරන්නෙමි. කිසි කලෙක ඔහු එතැන හැර යන්නේ නැත. මාගේ දෙවියන්වහන්සේගේ නාමය හා මාගේ දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ පුරවරයේ නාමය ද මගේම අලුත් නාමය ද මම ඔහු පිට ලියන්නෙමි.


ජයගන්නා, එලෙස සුදු ඇඳුමින් හඳවනු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙන් කිසි කලෙක මකා නො දමන්නෙමි. මාගේ පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ දේව දූතයින් ඉදිරියේ මම ඔහුගේ නම පිළිගන්නෙමි.


අපෝස්තුලුවරු මන්ත්‍රණ සභාවෙන් පිටව ගියේ ඒ නාමය උදෙසා නින්දා විඳීමට තරම් තුමූ වටින්නන් සේ සලකනු ලැබීම ගැන ප්‍රීති වෙමිනි.


ප්‍රීතිවන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙසම ය.


“ජය ගන්නාවූත්, අවසානය දක්වා මගේ වැඩ කරගෙන යන්නාවූත් තැනැත්තාට මම,


“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.


“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවියන්වහන්සේගේ පාරාදීසයේ ඇති ජීවන වෘක්ෂයෙන් කන්නට වර දෙන්නෙමි.


උන්වහන්සේගේ තේජෝ මහිමය එළිදරවු වන කල ඔබත් ප්‍රීති වන, ප්‍රමෝද වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ දුක් විඳීමට ඔබත් පංගුකාර වන තරමට ප්‍රීතිවන්න.


මා සහෝදරයිනි, නොයෙක් විදියේ පරීක්ෂාවනට ඔබ මුහුණ පාන කල, ඒවා මහා ප්‍රීතියකැයි සලකන්න.


ඔහු උඩ පැන, සිටගෙන, ඇවිදින්නට වන්නේ ය. මෙසේ ඔහු ඇවිදිමින්, පනිමින් හා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ඔවුන් සමඟ දේව මාලිගයට පිවිසියේ ය.


ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අවමන් විඳීම, ඊජිප්තුවේ ධනයට වඩා වටිනා වස්තුවකැයි සැලකීමෙනි. මන්ද ඔහු ඉෂ්ට විපාකය දෙස බලා සිටියේ ය.


ඇදහිල්ලෙන් තොරව උන්වහන්සේ ප්‍රසන්න කිරීම කළ නො හැක්කකි; මන්ද දෙවියන්වහන්සේ වෙත ළඟා වන කවරකු වුව ද උන්වහන්සේ වැඩ සිටින වගත්, උන්වහන්සේ සොයන අයට ප්‍රතිවිපාක දෙන වගත් විශ්වාස කළ යුතු වෙයි.


අපි ඉවසන්නෙමු නම්, උන්වහන්සේ සමඟ අප රජකම් ද කරනු ඇත. අපි උන්වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, අප ද ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත.


ඔබ උදෙසා විඳින දුක් ගැහැට ගැන, දැන් මම සතුටු වෙමි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ වධ විඳීම්වල අඩුව මාගේ මාංසයෙන් සම්පූර්ණ කරමි.


ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දුබලතා, ගැරහුම්, අපහසුතා, හිංසා-පීඩා හා දුෂ්කරතා තුළ මා ප්‍රමෝද වන්නේ එබැවිනි. මන්ද මා දුබලව සිටින විට, මම ප්‍රබලව සිටිමි. මම ඔබට බරක් නො වෙමි.


ඊටත් වැඩියෙන් අපගේ පීඩා විඳීම්වලදීත් අපි ප්‍රමෝද වන්නෙමු. මන්ද විඳවීමෙන් ඉවසීම ද


“දෙපයින් නැගී සිටිනු” යි උස් හඬින් පැවසී ය. එවිට ඒ මිනිසා උඩ පැන, ඇවිදින්නට වන්නේ ය.


එනමුත් ඔබේ සතුරනට ප්‍රේම කරන්න; යහපතම කරන්න. කිසිවක් ආපසු ගන්නා අදහසක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඉෂ්ට විපාකය අනර්ඝ වනු ඇත. ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයින් වනු ඇත. මන්ද කළගුණ දන්නේ නැතිවුන්ට හා දුෂ්ටයින්ට උන්වහන්සේ කාරුණික ය.


බලන්න, ඔබගේ ආචාර හඬ මට ඇසුණු සැණේ, මා කුස ඔත් ළදරුවා ප්‍රීතියෙන් පැන්නා.


මරියාගේ ආචාරය ඇසුණු කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැන නැංගේ ය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වූ එලිසබෙත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්