ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 26:10 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ ඒ බව දැන, ඔවුන් අමතමින්, “මේ ස්ත්‍රියට කරදර කරන්නේ ඇයි? ඇය මට කර තිබෙන්නේ මනහර දෙයක්.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, ජේසුස් වහන්සේ එය දැන මෙසේ වදාළ සේක: “ඔබ මේ ස්ත්‍රියට කරදර කරන්නේ මන් ද? ඇය මා හට කෙළේ මනහර දෙයකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, ජේසුස් වහන්සේ එය දැන මෙසේ වදාළ සේක: “ඔබ මේ ස්ත්‍රියට කරදර කරන්නේ මන් ද? ඇය මා හට කෙළේ මනහර දෙයකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් යේසුස්වහන්සේ ඒක දැන: කුමට නුඹලා මේ ස්ත්‍රීට කරදරකරනවාද? ඈ මට යහපත් ක්‍රියාවක් කළාය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 26:10
24 හුවමාරු යොමු  

මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ.


මේ සුවඳ විලවුන් වැඩි මිලකට විකුණා ඒ මුදල් දුප්පතුන්ට බෙදා දෙන්න තිබුණා” යි කීවෝ ය.


යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඇයට ඉන්නට හරින්න; මැයට ඔබ කරදර කරන්නේ ඇයි? ඈ මට කර ඇත්තේ, මනහර දෙයක්;


උන්වහන්සේ එසේ කියද්දීම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ කෙනෙක්, “ඔබේ දියණිය මිය ගියා. තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්න එපා” යි දැන්වී ය.


සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන.


එය වෙනත් ශුභාරංචියක් නො වේ. ඇතමුන්ට ඕනෑව ඇත්තේ, ඔබ අවුලට පත් කර, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විකෘති කිරීමයි.


ඔවැනි කැලඹීම් ඇති කරන්නන් තමන්ම නපුංසක බව තෙක් කප්පාදු කරගන්නවා නම් මැනවි.


මෙතැන් පටන් කිසිවෙක් මට කරදර නො කරත්වා. මන්ද මම යේසුස්වහන්සේගේ වේදනාවේ සලකුණු මගේ සිරුරෙහි දරන්නෙමි.


දෙවියන්වහන්සේ විසින් කලින් සූදානම් කරන ලද යහපත්කම් කරන පිණිස, ඒවා තුළ හැසිරෙන පිණිස, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවන ලද්දවුන් වන අප දෙවියන්වහන්සේගේම හස්ත කර්මාන්ත වේ.


තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත් වීමට හා හැම අතින්ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද


ඔබගේ හදවත් ධෛර්යවත් කරන සේක්වා! සියලු යහ වැඩෙහි හා කතාවෙහි ඔබ ශක්තිමත් කරන සේක්වා!


යමකු, සභාවේ නායක තනතුර දැරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු ශ්‍රේෂ්ඨ කාරියකට ආශා වන්නේ ය යන්න විශ්වාසනීය කියමනකි.


යහ වැඩ ගැන හොඳ නමක් ඇති තැනැත්තියකි; එනම්, දරුවන් ඇති දැඩි කළ, ආගන්තුක සත්කාර පෑ, ශුද්ධවතුනගේ පා සේදූ, දුකට පත්වූවනට පිහිට වූ, හැම හොඳ වැඩකටම කැපව සිටි තැනැත්තියකි.


යමෙක් නිගරුව වෙතින් තමා පවිත්‍ර කරගනී නම්, ඔහු ශුද්ධකමට පමුණුවන ලද්දාවූත්, ගෘහයේ ස්වාමියාණන්ට ප්‍රයෝජනවත්වූත්, හැම හොඳ වැඩකටම සුදානම්වූත් ගෞරවණීය කටයුතු සඳහා වන බඳුනක් වන්නේ ය.


තමන් දෙවියන්වහන්සේ දනිතැයි ඔවුහු කියා ගනිති. එහෙත් තම ක්‍රියාවලින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරති. ඔවුන් පිළිකුලක් ය; අකීකරු ය; කිසි යහපත් ක්‍රියාවකට නුසුදුසු ය.


සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.


මේවා ඔවුන්ට මතක් කර දෙන්න; පාලකයින්ට හා අධිපතීනට යටත් විය යුතු බැව් ද කීකරු විය යුතු බැව් ද හැම යහපත් ක්‍රියාවකට සූදානම්ව සිටිය යුතු බැව් ද


අප ජනතාව තම අවශ්‍යතා සපයා ගැන්ම සඳහා ද නිකමුන් නො වනු සඳහා ද යහපත් වැඩවලට තමන්ම කැපවීම උගත යුතුව ඇත.


මේ කියමන විශ්වාසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන්ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මාගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුටම විශිෂ්ට ය; වැඩදායක ය.


ස්වකීය කැමැත්ත කිරීමේ හැම හොඳ අංගයකින්ම ඔබ සන්නද්ධ කරන සේක්වා! ස්වකීය මනාපය පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අප ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරන සේක්වා! උන්වහන්සේට සදහට ම, සදාතනිකව ම තේජෝ මහිම වේවා! ආමෙන්.


ඔබ වැරදි කරන්නවුන් යැයි අන්‍ය-ජාතීන් ඔබට චෝදනා කළත්, ඔවුන් ඔබගේ යහ වැඩ දැක, විනිශ්චය දවසේ ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දක්වන පිණිස, අන්‍ය-ජාතීන් අතරේ ගෞරවනීයව පැවත සිටින්න.