Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




තීතස් 3:14 - සිංහල කාලීන පරිවර්තනය

14 අප ජනතාව තම අවශ්‍යතා සපයා ගැන්ම සඳහා ද නිකමුන් නො වනු සඳහා ද යහපත් වැඩවලට තමන්ම කැපවීම උගත යුතුව ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 තවද, අපේ සෙනඟ නිෂ්ඵල ව කල් නොයවා, නියම අවශ්‍යතා සඳහා යහපත් වැඩවල යෙදී සිටීමට ඉගෙනගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 තවද, අපේ සෙනඟ නිෂ්ඵල ව කල් නොයවා, නියම අවශ්‍යතා සඳහා යහපත් වැඩවල යෙදී සිටීමට ඉගෙනගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 තවද අපේ අයවලුත් ඵල නැතුව නොසිටින පිණිස වුවමනාකරන දේවල් සඳහා යහපත් වැඩවල යෙදී සිටින්ට ඉගෙනගනිත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තීතස් 3:14
21 හුවමාරු යොමු  

තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත් වීමට හා හැම අතින්ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද


මේ කියමන විශ්වාසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන්ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මාගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුටම විශිෂ්ට ය; වැඩදායක ය.


දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය හා ප්‍රශංසාව උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන ධර්මිෂ්ඨකමේ පලයෙන් ඔබ සපිරෙනු ඇත.


හොඳ පල නො දරන හැම ගසක්ම කපා හෙළා, ගින්නට ඇද දමනු ලැබේ.


මෙම ගුණාංග ඔබට හිමිව, නිති වැඩේ නම්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ දැනගැන්ම නිෂ්ඵල වීමට හෝ නිස්සාර වීමට ඒවා ඉඩ නො දෙනු ඇත.


මා තෑගි සොයනවා නො වේ. මා බලන්නේ ඔබේ ගිණුමට වඩ වඩා විපාක එක් කිරීමටයි.


සොරකමේ යෙදුන අය මින් මතු සොරකම් නො කළ යුතු ය. ඒ වෙනුවට, අවැසිතා ඇත්තවුනට උදවු දීමට තමනටත් කිසිවක් තිබෙන පිණිස, තම දෑතින්ම පලදායි කාරියක යෙදෙමින් වෙහෙසී වැඩ කළ යුතු ය.


ඔබ, මා තෝරා ගත්තා නො වේ. ඔබ තෝරා, පත් කළේ මමයි. එසේ කළේ, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ ඔබට දෙන පිණිසත්, ඔබ ගොස් පල දරන පිණිසත්, ඔබේ ඒ පල පවතින පිණිසත් ය.


මගේ පියාණන්වහන්සේ මහිමයට පැමිණෙන්නේ, ඔබ බොහෝ පල දරා, මගේ ගෝලයන් වග සනාථ කිරීමෙනි.


නොමිලයේ අනෙකකුගෙන් අහර ගත්තේ ද නැත. අනෙක් අතට, ඔබ කිසිවකුටත් අප බරක් නො වන පිණිස දිවා රෑ දෙක්හි වෙහෙසව, මහන්සිව වැඩ කළෙමු.


මෙලෙස වෙහෙසී වැඩ කර, අබල දුබල අයට අප උපකාර කළ යුතු බව මා කළ හැම දෙයක් තුළින්ම ඔබට පෙන්වා දුන්නේ යේසුස්වහන්සේගේම වචන සිහි ගන්වමින්; උන්වහන්සේ කීවේ, ‘ලැබීමට වඩා දීම ආශිර්වාදයකි’ කියායි.”


මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වීය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහිම ඒ ගස වියළී ගියේ ය.


ඔහු ද ඔවුන් ද එකම කර්මාන්තය කළ තැනැත්තන් බැවින් ඔහු ඔවුන් සමඟ නැවතී, වැඩ කළේ ය. ඔවුන්ගේ වෘත්තිය කූඩාරම් සෑදීම ය.


සහෝදරයිනි, අප වෙහෙසුණු හැටිත්, අපහසුතා විඳි හැටිත් ඔබට මතක ඇති. දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට දේශනා කරන අතරේ අපේ යැපීම් සඳහා කිසිවකුටත් බරක් නො වන ලෙස දිවා රෑ අපි වැඩ කළෙමු.


එබැවින් මේ කාරිය නිම වූ පසු, එකතු වූ මේ පල ඔවුන්ට බාර දුන් පසු, මා ස්පාඤ්ඤය බලා යන්නේ, ඒ ගමනේදී ඔබත් බැහැදකිමිනි.


ශුද්ධවතුන්ගේ අවශ්‍යතාහි දී ආධාර-උපකාර කරන්න. ආගන්තුක සත්කාරයෙහි ක්‍රියාකාරී වන්න.


මා තෙසලෝනිකයේ සිටියදී පවා මගේ අවශ්‍යතාහි දී යළි යළිත් ඔබ මට ආධාර එවූහ.


වරදක් දැක්විය නො හැකි සාරවත් කතාවෙන් විය යුත්තේ, අප ගැන කිසි නපුරක් කියන්නට බැරිව විරුද්ධවාදියා ලජ්ජාවට පත් වන පිණිස ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්