මතෙව් 21:4 - සිංහල කාලීන පරිවර්තනය මෙය සිදු වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: Sinhala New Revised Version මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්: Sinhala New Revised Version 2018 මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්: Sinhala Revised Old Version මෙසේ වූයේ, බලව, නුඹේ රජ කොටළුවෙකු පිටද, කොටළුවෙකුගේ පැටවාවූ වස්සෙකු පිටද නැගී, මොළොක් ගුණයෙන් යුක්තව නුඹ වෙතට එනසේකැයි සියොන්ගේ දුවට කියන්නැයි |
කිසිවකු ඔබට කිසිවක් කීවොත්, ‘ස්වාමින්වහන්සේට උන් උවමනා වී ඇතැ’ යි කියන්න. එවිට ඔහු එවෙලේම උන් එවනු ඇතැ” යි කී සේක.
සැබවින් ම මේ හැම එකක්ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.
ඔවුහු කොටළු වස්සා යේසුස්වහන්සේ වෙත ගෙන අවුත්, ඌ පිට තමන්ගේ උඩු කබා අතුළහ. උන්වහන්සේ ඌ පිට හිඳගත් සේක.
යේසුස්වහන්සේ වෙත ඌ ගෙන ආ ඔවුහු, තමන්ගේ උඩු කබා ඌ පිට අතුරා, ඒ පිට යේසුස්වහන්සේ හිඳෙව්වෝ ය.
“සියොන් දියණිය බය නො වන්න. මෙන්න, ඔබේ රජ, බූරු නාම්බකු පිට හිඳ එන්නේ යැ” යි ලියා තිබූ පරිදි ය.