“ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන රජ්ජුරුවන් ආශිර්වාදිත ය!” “ස්වර්ගයෙහි සාමය ය! උසස් තැන්හි තේජස යැ!” යි කියමිනි.
රෝම 5:1 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් ඇදහිල්ල මඟින් ධර්මිෂ්ඨ කරනු ලැබ ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් අපට දෙවියන්වහන්සේ හා සමඟ සාමය ඇත්තේ ය. Sinhala New Revised Version අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත. Sinhala New Revised Version 2018 අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත. Sinhala Revised Old Version එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු. |
“ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන රජ්ජුරුවන් ආශිර්වාදිත ය!” “ස්වර්ගයෙහි සාමය ය! උසස් තැන්හි තේජස යැ!” යි කියමිනි.
“අහෝ! නුඹ, නුඹට සාමය සලසන දෑ ගැන මේ දවසේදීවත් දැන සිටියා නම්! එහෙත් ඒවා නුඹේ ඇස්වලින් සඟවනු ලැබ තිබේ.
“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”
සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.
“මේ සියල්ල මා ඔබට කීවේ මා තුළ ඔබට සාමය ලැබෙන පිණිසයි. මෙලොවේදී ඔබට පීඩා ඇති වෙයි. එනමුත් ධෛර්යවත් වන්න; මම ලෝකයෙන් ජය ගත්තෙමි” යි පැවසූ සේක.
එනමුත් මේ දෑ ලියන ලද්දේ, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වග ඔබ විශ්වාස කරන පිණිසත්, එසේ විශ්වාස කිරීමෙන් උන්වහන්සේගේ නාමය තුළ ජීවනය අත්කර ගන්නා පිණිසත් ය.
“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචන අසා, මා එවූ තැනැන්වහන්සේ විශ්වාස කරන තැනැත්තාට සදාතන ජීවනය ඇත. ඔහු විනිශ්චයට පත් වන්නේ නැත; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටී.
සියල්ලන්ගේම ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සාමයේ ශුභාරංචි ගෙනෙමින්, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දුන් පණිවුඩය ඔබ දනී.
එය තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඇදහීමෙන් වන ආකාරයට එළිදරවු කරනු ලැබ ඇත්තේ, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ යැ” යි ලියා තිබෙන පරිදි ය.
දෙවියන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලැබූ, රෝමයේ වෙසෙන සියලු දෙනා වෙතයි: අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා!
මන්ද හදවතින් විශ්වාස කිරීමෙන් කෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබයි; මුවින් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ගලවනු ලබයි.
තවද යවනු ලැබුවොත් මිස, යමෙක් දේශනා කරන්නේ කොහොම ද? ලියා තිබෙන පරිදි, “ශුභාරංචිය ගෙනෙන අයගේ පාද, කොතරම් අලංකාර ද!”
මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත්, බීමත් පිළිබඳ වූවක් නො ව ධර්මිෂ්ඨත්වයත්, සාමයත්, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියත් ය.
ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්‍රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත.
දෙවියන්වහන්සේ එකම තැනැත්තාණන් කෙනෙක් වන සේක. උන්වහන්සේ චර්ම-ඡේදිතයන් ඇදහිල්ල මඟින් ද චර්ම-අඡේදිතයන් ඇදහිල්ල තුළින් ද ධර්මිෂ්ඨ කරන සේක.
එහෙත් වැඩක් නො කරන නමුදු, අභක්තිකයකු නිර්දෝෂ කරන තැනැන්වහන්සේ කෙරේ විශ්වාසය තබන්නාගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබේ.
එපමණක් නො වේ; එම සමඟියට අප පත් කළ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ තුළ අපි ප්‍රමෝද වන්නෙමු.
එබැවින් එක අයුතුකමක් සියලු මිනිසුන්ට දඬුවම සැලසුවා සේ ම, ධර්මිෂ්ඨත්වයේ එක් ක්‍රියාවක් සියලු මිනිසුන්ට නිර්දෝෂීත්වයත්, ජීවනයත් සලසන්නේ ය.
මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.
එසේ නම් කුමක් කියමු ද? ධර්මිෂ්ඨකම හඹා ගිය නැති අන්‍ය-ජාතීහු, ධර්මිෂ්ඨකම අත්කර ගත්හ. ඒ, ඇදහිල්ල මඟින් ලැබෙන ධර්මිෂ්ඨකම ය.
එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මඟින් මිස, දහම් නීතියේ ක්‍රියාවලින් කිසිවකු නිර්දෝෂ කරනු නො ලබන බැව් අපි දනිමු. එබැවින් දහම් නීතියේ ක්‍රියාවලින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මඟින් නිර්දෝෂ කරනු ලබන පිණිස, අපිත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ අදහා ගත්තෙමු. මන්ද දහම් නීතියේ ක්‍රියා මඟින් කිසිවකු ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ නැත.
එහෙත් ආත්මයාණන්වහන්සේගේ පල නම්, ප්‍රේමය, ප්‍රීතිය හා සාමය, ඉවසීම, කරුණාව හා සද්භාවය, විශ්වාසවන්තකම,
එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට පානා උන්වහන්සේගේ කරුණාව පෙන්නුම් කරමින්, මතු පැමිණෙන යුගවලදී උන්වහන්සේගේ අනුග්‍රහයේ අනුපමේය ඉසුරුමත් භාවය විදහා දක්වනු පිණිස ය.
මා උන්වහන්සේ තුළ සිටින පිණිසත් ය. එය අත්කර ගන්නේ දහම් නීතියෙන් එන මගේම ධර්මිෂ්ඨකමින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම මඟින් එන, ඇදහිල්ල මත දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම මඟිනි.
පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මඟින් සියලු දේම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය.
එකම සිරුරක් තුළ ඔබ කැඳවනු ලැබ ඇත්තේ සාමයට බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ සාමය ඔබ හදවත්හි රජකම් කෙරේවා! ස්තූතිවන්තව ද සිටින්න.
සාමයේ දෙවියන්වහන්සේම, ඔබ මුළුමනින් පවිත්‍ර කරන සේක්වා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයේදී ඔබගේ මුළු ආත්මයත්, ජීවයත්, ශරීරයත් දෝෂ රහිතව තබනු ලැබේවා!
සාමයේ ස්වාමින්වහන්සේම හැම කල, හැම අයුරු ඔබට සාමය සලසන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක්වා!
සදාතන ගිවිසුමේ ලේ මඟින්, බැටළුවන්ගේ ශ්‍රේෂ්ඨ එඬේරාණන් වූ යේසුස් අප ස්වාමියාණන් මළවුන් වෙතින් යළි ජීවනයට ගෙන ආ සාමයේ දෙවියන්වහන්සේ,