Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 20:31 - සිංහල කාලීන පරිවර්තනය

31 එනමුත් මේ දෑ ලියන ලද්දේ, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වග ඔබ විශ්වාස කරන පිණිසත්, එසේ විශ්වාස කිරීමෙන් උන්වහන්සේගේ නාමය තුළ ජීවනය අත්කර ගන්නා පිණිසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එහෙත් මේවා ලියන ලද්දේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණිසත්, ඇදහීමෙන් ජීවනය ලබන පිණිසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එහෙත් මේවා ලියන ලද්දේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණිසත්, ඇදහීමෙන් ජීවනය ලබන පිණිසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 නුමුත් මේවා ලියනලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාසකරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 20:31
36 හුවමාරු යොමු  

සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.


යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි විශ්වාස කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටියි. පියාණන්වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක්ම, උන්වහන්සේගෙන් උපත ලැබූවන්ට ප්‍රේම කරති.


තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය.


යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බැව් පිළිගන්නා තුළ දෙවියන්වහන්සේ ද උන්වහන්සේ තුළ ඔහු ද පැවත සිටියි.


පුත්‍රයාණන් අදහන්නාට සදාතන ජීවනය තිබෙයි. එහෙත් පුත්‍රයාණන්ට කීකරු නො වන්නාට ජීවනය දකින්නට නො ලැබෙයි. දෙවියන්වහන්සේගේ උදහස ඔහු මත රැඳී පවතී.


උන්වහන්සේ තුළ අදහා ගන්නා කිසිවකු දඬුවමට නියම කරනු ලබන්නේ නැත. එහෙත් අදහා නො ගන්න කවරකු වුව දැනටමත් දඬුවමට නියමව සිටී; මන්ද ඔහු දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාණන්ගේ නාමය තුළ විශ්වාස නො කළ බැවිනි.


ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නො පැවත, ඉන් එහාට යන කිසිවකු සමඟ දෙවියන්වහන්සේ නැත. ඒ ඉගැන්වීමෙහි පැවත සිටින්නාට පියාණෝ ද පුත්‍රයාණෝ ද සිටින්නාහ.


මන්ද මගේ පියාණන්වහන්සේ කැමති, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකුම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක.


එය දුටු තැනැත්තා ඒ ගැන සාක්ෂි දරයි. ඒ සාක්ෂිය සත්‍යය ය. තමා පවසන්නේ සත්‍යය බව ඔහු දනී. එබැවින් ඔබත් විශ්වාස කරන පිණිස ඔහු සාක්ෂි දරයි.


එවිට තෝමස්, “මාගේ ස්වාමින්වහන්ස, මාගේ දෙවියන්වහන්ස!” යි උන්වහන්සේ ඇමතුවේ ය.


සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණයි. එනමුත් මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසයි; එය අධිකවම ලැබෙන පිණිසයි.


“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචන අසා, මා එවූ තැනැන්වහන්සේ විශ්වාස කරන තැනැත්තාට සදාතන ජීවනය ඇත. ඔහු විනිශ්චයට පත් වන්නේ නැත; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටී.


ඔබට උගන්වන ලද දෑ පිළිබඳ නියත අවබෝධයක් එමඟින් ඔබට ලැබිය හැකි බැවිනි.


සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කීවේ ය.


යෙරුසලමෙන් පටන් ගෙන සෑම ජාතියකටම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්‍රකාශ කරන්නටත් යුතුව ඇත’ යනුවෙනි.


අදහා ගන්නා වූ, බව්තීස්ම කරනු ලබන්නා වූ කවුරුන් වුවත් ගලවනු ලබන්නේ ය. එහෙත් අදහා ගන්නේ නැති කවුරුන් වුවත් වරදට පත් කරනු ලබන්නේ ය.


යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන්ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ම වී යැ!” යි පැවසූහ.


කල් නො යවා දමස්කයේ සිනගෝගවලදී යේසුස්වහන්සේ දේශනා කළ සාවුල්, “උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ” යි ප්‍රකාශ කරන්නට වන්නේ ය.


ඔවුන් මෙසේ යද්දී, මග අසල ජලය තිබූ තැනකට ඔවුහු ළඟා වූහ. එකල, “මෙන්න ජලය! බව්තීස්මය ලබන්නට මට බාධාවක් තියේ දැ?” යි නපුංසකයා ඇසී ය.


දැන් ඔබ දකින, ඔබ හඳුනන මේ මිනිසා සවිමත්ව සිටින්නේ, උන්වහන්සේගේ නාමයෙන් සහ ඒ නාමය තුළ ඇදහීමෙනුයි. ඔබ හැමගේ ඇස් ඉදිරිපිට මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබ ඇත්තේ යේසුස්වහන්සේගේ නාමය තුළ ඇදහීම මඟිනි.


එවිට නතානියෙල්, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවෝ යැ” යි පැවසී ය.


“තියාතිරා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “ගිනි දැල්ලක් වැනි ඇස් හා දිදුලන පිත්තල වැනි පා ඇති දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ වචන මෙසේ ය.


ඔබගේ ඇදහිල්ලේ ප්‍රතිඵලය වන ඔබගේ ආත්මයේ ගැලවීම ලබමින් සිටිති.


එවිට, පරීක්ෂාකාරයා ඇවිත්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, රොටි වන ලෙසට මේ ගල්වලට අණ කරන්නැ” යි උන්වහන්සේට කීවේ ය.


දේව දූතයා ඇයට පිළිතුරු දෙමින්, “ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කරා එන සේක. පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසාගනු ඇත. එබැවින් උපදින දරුවා ශුද්ධ ය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයි කියනු ලබන්නාහ.


පිලිප් කතා කොට, “ඔබේ මුළු සිතින්ම අදහන්නේ නම් ඔබට පුළුවනැ” යි කීවේ ය. නපුංසකයා පිළිතුරු දෙමින්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව මම විශ්වාස කරමි” යි පැවසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්