පාවුල් දර්බයටත් එතැනින් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. ලුස්ත්‍රාවෙහි තිමෝති නම් ගෝලයෙක් විසී ය. ඔහුගේ මව යුදෙව් ජාතික ඇදහිලිවන්තියක වූ නමුදු පියා ග්‍රීකයෙකි.
ෆිලෙමොන් 1:1 - සිංහල කාලීන පරිවර්තනය ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වූ පාවුල් හා අප සහෝදර තිමෝති වෙතින්, අප සේවයේ හවුල්කාර අප ප්‍රේමණීය පිලෙමොන් ද Sinhala New Revised Version ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි, අපගේ ප්‍රේමණීය සහකාර සේවකයෙකු වන පිලෙමොන් වෙතට ද ඔබේ ගෙදර රැස් වන සභාවට ද Sinhala New Revised Version 2018 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි, අපගේ ප්‍රේමණීය සහකාර සේවකයෙකු වන පිලෙමොන් වෙතට ද ඔබේ ගෙදර රැස් වන සභාවට ද Sinhala Revised Old Version ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක් වන පාවුල්ද සහෝදරවූ තිමෝතියස්ද යන අප විසින් අපේ ප්‍රේමවන්තවූ හවුල් සේවකයෙක්වූ පිලෙමොන්ටද, |
පාවුල් දර්බයටත් එතැනින් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. ලුස්ත්‍රාවෙහි තිමෝති නම් ගෝලයෙක් විසී ය. ඔහුගේ මව යුදෙව් ජාතික ඇදහිලිවන්තියක වූ නමුදු පියා ග්‍රීකයෙකි.
මන්ද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවෝ ය. දෙවියන්වහන්සේගේ කෙතත්, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලත් ඔබ ය.
දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති වෙතින්, කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව හා අකාය පුරා සිටින සියලු ශුද්ධවන්තයින් වෙතයි.
මන්ද ඔබ හැම ඇදහිල්ල මඟින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය.
මේ හේතුව නිසා, අන්‍ය-ජාතික වූ ඔබ උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වන පාවුල් නම් මම—
එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි.
මන්ද මම ශුභාරංචියේ තානාපතියෙක්මි. මා සිර-බැඳුම් ලැබ සිටින්නේ එනිසාවෙනි. කළ යුතු ලෙස අභීතව මට ඒ ශුභාරංචිය ප්‍රකාශ කරනු හැකි වන පිණිස යාච්ඤා කරන්න.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්, පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි.
මගේ උපකාරයට ඔබේ නියෝජිතයා වශයෙන් ඔබ මා වෙත එවූ එපප්‍රොදිතස්, ඔබ වෙත ආපසු එවීම යුතු යැයි සිතුවෙමි. ඔහු මාගේ සහෝදරයා ය; මගේ සේවයේ හවුල්කරුවා හා හවුල් හේවායා ය.
ඇත්තෙන්ම, මේ ස්ත්‍රීන්ට උපකාර කරන මෙන් මා හිතාදර හවුල් සේවක ඔබෙන් ද ඉල්ලමි. මොවුහු, ක්ලෙමන්ත් ඇතුළු අනිකුත් මා සහෝදර සේවකයින් සමඟ ශුභාරංචිය උදෙසා හරි හරියට මා සමඟ සේවය කළහ. ඔවුන්ගේ නාම ජීවන පොතේ ලියවී ඇත.
දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති ද වෙතින්,
යුස්තස් නම් ලත් යේසුස් ද ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මා හා සේවය කරන්නන් අතරේ සිටින චර්මඡේදිතයෝ ඔවුහු පමණෙකි. සැබවින් ම ඔවුන් මට මහත් සැනසිල්ලකි.
අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිරව සිටුවන්නට ය.
පාවුල්, සිල්වානස් හා තිමෝති වෙතින්, අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ ද තුළ වූ තෙසලෝනිවරුන්ගේ සභාව වෙත ය:
එබැවින් අප ස්වාමින්වහන්සේගේ සාක්ෂිය ගැනවත්, උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනවත් ලජ්ජා නො වන්න. එහෙත් දෙවියන්වහන්සේගේ බලයෙන්, ශුභාරංචිය උදෙසා දුක් ඉසිලීමට පංගුකාර වන්න.
ප්‍රේමයේ නාමයෙන් මම ඔබට ආයාචනයක් කරමි. මහලු මිනිසකු ද දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු ද වන පාවුල් නම් මම,