Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




තීතස් 3:15 - සිංහල කාලීන පරිවර්තනය

15 මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලේ පැවත, අපට ප්‍රේම කරන අයට ආචාර කරන්න. අනුග්‍රහය ඔබ හැම සමඟ වේවා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලෙහි අපගේ හිත මිතුරන් වන අයට ආචාර කරන්න. කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලෙහි අපගේ හිත මිතුරන් වන අයට ආචාර කරන්න. කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මා සමඟ සිටින සියල්ලෝම නුඹට ආචාරකරති. ඇදහිල්ලෙහි අපට ප්‍රේමකරන්නන්ට ආචාරකරන්න. අනුග්‍රහය නුඹලා සියල්ලන් සමඟ වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තීතස් 3:15
14 හුවමාරු යොමු  

අනුග්‍රහය ඔබ හැම සමඟ පවතීවා!


ඒ ලෙස අණ කිරීමේ අරමුණ පිරිසිදු හදෙකින්, යහපත් හෘදය සාක්ෂියකින් හා අවංක ඇදහිල්ලෙන් පැන නඟිනා ප්‍රේමයයි.


පාවුල් වන මගේම අතින් මේ ආචාරය ලියමි. මා බැඳි සිර-බැඳුම් ගැන සිහි කරන්න. අනුග්‍රහය ඔබ සමඟ පවතීවා!


මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.


සභා-මූලිකයා වෙතින්, සත්‍යතාවෙහි මා ප්‍රේම කරන ප්‍රේමණීය ගායස් වෙත;


යේසුස්වහන්සේ වෙත හා සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමය හා ඇදහිල්ල ගැන මට අසන්නට ලැබෙන බැවිනි.


ස්වාමින්වහන්සේ ඔබගේ ආත්මය සමඟ වේවා! අනුග්‍රහය ඔබ සමඟ වේවා.


ඇදහිල්ලේ මගේ සැබෑ දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා!


යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ වේවා!


ඔබ ආචාර කරන්නේ ඔබගේ සහෝදරයින්ට පමණක් නම්, අන් අය කරනවාට වඩා එහි ඇති පලේ කුමක් ද? විජාතිකයෝ පවා එසේ නො කරත් ද?


මගේ මේ අත් දෙක මගේ අවශ්‍යතා වගේම මගේ සගයින්ගේ අවශ්‍යතා ද සපිරූ වග ඔබ දන්නවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්