ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගලාති 5:2 - සිංහල කාලීන පරිවර්තනය

බලන්න! පාවුල් වන මා, ඔබට කියන්නේ, ඔබ චර්මඡේද කරන්නට ඔබම ඉඩ දෙනවා නම්, ඔබට ක්‍රිස්තුස්වහන්සේගෙන් ඇති ප්‍රයෝජනයක් නැත කියායි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ චර්මඡේදනය ලබන්නහු නම්, ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ චර්මඡේදනය ලබන්නහු නම්, ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉදින් නුඹලා චර්මඡේද්‍යය ලබන්නහු නම්, ක්‍රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි.

පරිච්ඡේදය බලන්න



ගලාති 5:2
16 හුවමාරු යොමු  

මෙකල යුදයේ සිට අන්තියෝකිය වෙත පැමිණි ඇතමෙක්, “මෝස‍ෙස්ගේ නියෝගය ලෙස චාරිත්‍රානුකූලව චර්මඡේද කරනු ලැබුවොත් මිස, ඔබට ගැලවීම ලබන්නට නො හැකි යැ” යි සහෝදරයින්ට උගන්වන්නට වූහ.


අපගේ අනුමැතියක් නො මැතිව අප වෙතින් පැමිණි ඇතමකු, යම් යම් දේ පවසමින් ඔබ කලඹා, ඔබ සිත් අවුල් කළ වග අපට අසන්නට ලැබිණි.


එවිට පරිසිවරුන්ගේ නිකායට අයත් ඇදහිලිවත් ඇතමෙක් නැගිට, “අන්‍ය-ජාතීන් ද චර්ම-ඡේදනය ලැබිය යුතු ය; මෝස‍ෙස්ගේ දහම් නීති පිළිපැදිය යුතු යැ” යි පැවසූහ.


මම පාවුල්, මගේම අතින් මේ ආචාරය ලියමි.


ඔබ හා මුහුණට මුහුණ හමු වූ කල යටහත් වූ, එහෙත් ඈත්ව සිටියදී ඔබ කෙරේ එඩිතර මම, පාවුල්, ක්‍රිස්තුස්වහන්සේගේ මෘදු ගුණයෙන් හා විනීතභාවයෙන් යුතුව ඔබගෙන් අයැදීමක් කරමි.


සහෝදරයිනි මා තවමත් චර්මඡේදය දේශනා කරනවා නම්, තවමත් මා පීඩා කරනු ලබන්නේ ඇයි? ඒ එසේ වී නම්, කුරුසියට ඇති විරෝධය අවලංගු වූවා වෙයි.


මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.


ඔබ වෙත ඒමට අපට වුවමනා විණි. මම පාවුල්, ඔබ වෙත ඒමට යළි යළිත් උත්සාහ දැරීමි. එහෙත්, සාතන් අප වැළැක් වීය.


මම, පාවුල්, මගේම අතින් ඔබට ලියන්නේ, මම එය ආපසු ගෙවන්නෙමි. ඔබ, ඔබේම ජීවිතයෙන් මට ණය වග මතක් කළ යුතු නො වේ.


ප්‍රේමයේ නාමයෙන් මම ඔබට ආයාචනයක් කරමි. මහලු මිනිසකු ද දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු ද වන පාවුල් නම් මම,


මන්ද ඔවුනට මෙන්ම අපට ද ශුභාරංචිය පැමිණ තිබේ. එහෙත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නො වූ බැවින්, ඇසූ පුවතින් ඔවුනට සෙතක් වූයේ නැත.