Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 5:2 - Sinhala Revised Old Version

2 ඉදින් නුඹලා චර්මඡේද්‍යය ලබන්නහු නම්, ක්‍රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔබ චර්මඡේදනය ලබන්නහු නම්, ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 බලන්න! පාවුල් වන මා, ඔබට කියන්නේ, ඔබ චර්මඡේද කරන්නට ඔබම ඉඩ දෙනවා නම්, ඔබට ක්‍රිස්තුස්වහන්සේගෙන් ඇති ප්‍රයෝජනයක් නැත කියායි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔබ චර්මඡේදනය ලබන්නහු නම්, ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 5:2
16 හුවමාරු යොමු  

මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.


යුදයෙන් සමහර දෙනෙක් ඇවිත්: මෝසෙස්ගේ නියෝගය ලෙස නුඹලා චර්මඡේදයකරනු නොලැබුවොත් නුඹලාට ගැළවෙන්ට නුපුළුවනැයි සහෝදරයන්ට ඉගැන්නුවෝය.


මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.


නුමුත් සහෝදරයෙනි, මම තවම චර්මඡේද්‍යය ප්‍රකාශකරම් නම් මක්නිසා තවම පීඩාකරනු ලබම්ද? එසේවී නම් කුරුසියේ බාධාව පහකරන ලද්දේය.


ඉදිරියෙහි සිටින කල නුඹලා අතරෙහි යටහත්වූ, ඈත්ව සිටින කල නුඹලා කෙරෙහි නිර්භීතවූ පාවුල් නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය නිසා නුඹලාගෙන් ඉල්ලීමක් කරමි.


අපෙන් අණ නොලැබුවාවූ සමහරෙක් අප අතරෙන් පිටත්ව ගොස්, වචනවලින් නුඹලා කලඹමින්, නුඹලාගේ සිත පෙරළූ බව ඇසූ හෙයින්,


මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් නුඹලා වෙතට එන්ට කැමතිව සිටියෙමි; නුමුත් සාතන් අපට බාධාකළේය.


එසේ නොකර, මහලුව, දැනට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරයෙක්ව සිටින පාවුල් නම් මම, ප්‍රේමය නිසා ඉල්ලා සිටිමි.


පාවුල් නම්වූ මාගේම අතින් ලියන මාගේ ආචාරකිරීමය.


නුමුත් අදහාගත්තාවූ, ඵරිසිවරුන්ගේ ලබ්ධියට අයිතිවූ සමහරෙක් නැගිට, චර්මඡේදයකරන්ටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව රක්ෂාකරන ලෙස ඔවුන්ට අණකරන්ටත් ඕනෑයයි කීවෝය.


පාවුල් නම් මම මාගේම අතින් මේක ලියමි: මම ඒක ගෙවන්නෙමි. [මෙසේ කියන්නේ] නුඹම මට ණයක්ව සිටින බව නුඹට නොකියන පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්