ගලාති 2:1 - සිංහල කාලීන පරිවර්තනය අවුරුදු දාහතරකට පසු, මා යළිත් යෙරුසලමට ගියේ බාර්ණබස් සමඟ ය; තීතස් ද මා සමඟ ගෙන ගියෙමි. Sinhala New Revised Version අවුරුදු දහ හතරකට පසු මම බාර්ණබස් සමඟ තීතස් ද කැඳවාගෙන නැවත ජෙරුසලමට ගියෙමි. Sinhala New Revised Version 2018 අවුරුදු දහ හතරකට පසු මම බාර්ණබස් සමඟ තීතස් ද කැඳවාගෙන නැවත ජෙරුසලමට ගියෙමි. Sinhala Revised Old Version තවද දසසතර අවුරුද්දකට පසු තීතස්ද මා කැටුව ගෙන බාර්ණබස් සමඟ යෙරුසලමට නැවත ගියෙමි. |
බාර්ණබස් හා සාවුල් තමන්ගේ මෙහෙය නිමවා, මාර්ක් නම් වූ යොහන් ද කැටිව යෙරුසලමේ සිට ආපසු ගියහ.
ඔවුන් ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, නිරාහාරව සිටි අවස්ථාවක, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් අමතමින්, “මා විසින් කැඳවනු ලැබූ සේවාව සඳහා බාර්ණබස් හා සාවුල් යන දෙදෙන මට වෙන් කරන්නැ” යි කී සේක.
එහෙත් යුදෙව්වෝ දේව බය ඇති කුල ස්ත්‍රීන් ද එපුර ප්‍රධාන මිනිසුන් ද උසිගන්වා පාවුල් හා බාර්ණබස්ට එරෙහි හිංසනයකට ඔවුන් පොලඹවා, ඔවුන්ගේ පළාතෙන් ඔවුන් පන්නා දැමූහ.
එබැවින් ඒකමතිකව අප හැමගේ නිගමනය වූයේ, මිනිසුන් කීප දෙනකු තෝරා ඔබ වෙත එවීමයි. අප, ඔවුන් එවන්නේ අපගේ ප්‍රේමණීය සහෝදරයින් වන බාර්ණබස් හා පාවුල් යන
නැතහොත් යැපීම් සඳහා වැඩ කිරීමෙන් වැළකී සිටීමට අයිතිය නැත්තේ බාර්ණබස්ට හා මට පමණක් ද?
මා සහෝදර තීතස් එහිදී හමු නො වූ බැවින්, මගේ ආත්මයට සැනසීමක් නො විණි. එබැවින් මම ඔවුන්ගෙන් සමුගෙන, මකිදෝනිය බලා ගියෙමි.
තීතස් ගැන කියනවා නම්, ඔබ උදෙසා ඔහු මගේ සහායකයා හා හවුල් වැඩකරුවා ය. අපගේ මේ සහෝදරයින් සභා නියෝජිතයින් ය; ක්‍රිස්තුස්වහන්සේගේ තේජස ය.
එයින් තුන් වසරකට පසුව, කේපස් බැහැ දැකීමට මම යෙරුසලමට ගොස්, ඔහු සමඟ පහළොස් දවසක් ගත කළෙමි.
ඔහු සමඟ අනිකුත් යුදෙව්වන් ද කුහක ලෙස ක්‍රියා කළේ, බාර්ණබස් පවා ඔවුන්ගේ ඒ කුහකකමට ඇදී යන පරිද්දෙනි.
එහෙත් මා සමඟ සිටි තීතස් ග්‍රීකයකු වුව ද, ඔහු චර්මඡේද කළ යුතුය යන බලකිරීමක් වූයේ නැත.
මට දී තිබූ ඒ අනුග්‍රහය හැඳිනගත් කල, සභා කණු මෙන් සැලකෙන යාකොබ්, කේපස් හා යොහන් පංගුකාරකමේ දකුණත බාර්ණබස්ටත්, මටත් දුන්නේ, අප අන්‍ය-ජාතීන් වෙතත්, ඔවුන් චර්මඡේදිතයින් වෙතත් යා යුතු බවට එකඟ වෙමිනි.
මා හා සිරගතව සිටින අරිස්තාර්කස් ඔබට ආචාර කරයි. බාර්ණබස්ගේ ඥාති සහෝදර මාර්ක් ද ඔබට ආචාර කරයි. මාර්ක් ඔබ වෙත පැමිණියහොත්, ඔහු සාදරයෙන් පිළිගන්න. ඔහු ගැන දැනටමත් ඔබට උපදෙස් ලැබී තිබේ.
පොදු ඇදහිල්ල තුළ මගේ සැබෑ දරුවා වූ තීතස් වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අපගේ ගැලවුම්කාර ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් අනුග්‍රහයත්, සාමයත් වේවා!