Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 2:13 - සිංහල කාලීන පරිවර්තනය

13 ඔහු සමඟ අනිකුත් යුදෙව්වන් ද කුහක ලෙස ක්‍රියා කළේ, බාර්ණබස් පවා ඔවුන්ගේ ඒ කුහකකමට ඇදී යන පරිද්දෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔහු සමඟ අනෙක් ජුදෙව්වරු ද චපල ලෙස ක්‍රියා කළහ. බාර්ණබස් පවා ඔවුන්ගේ චපලකමින් මුළාවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහු සමඟ අනෙක් ජුදෙව්වරු ද චපල ලෙස ක්‍රියා කළහ. බාර්ණබස් පවා ඔවුන්ගේ චපලකමින් මුළාවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 අනික් යුදෙව්වරුද ඔහු සමඟ එසේම වංකකම් කළෝය; එසේය, බාර්ණබස් පවා ඔවුන්ගේ වංකකමට ඇදී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 2:13
17 හුවමාරු යොමු  

නො රැවටෙන්න: “නරක ඇසුරින් හොඳ චරිත දූෂ්‍ය වේ.”


එසේ වූ කල, අප තවදුරටත් මිනිසුන්ගේ කූට උපා මාර්ගවල කපටකම් හා ප්‍රයෝගවලින් ද සකල බොරු ඉගැන්වීම් නැමති සුළඟින් ද ඒ මේ අත ගසාගෙන යන, රළ රැළිවලින් ඈත මෑත විසිවන බාලයින් මෙන් නො වනු ඇත.


සියලු ආකාර අමුතු ඉගැන්වීම් මඟින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.


කෙසේ වෙතත් ඔබේ මේ නිදහස, යම් හෙයකින් දුබලයින්ට බාධාවක් නො වන්නට වගබලා ගන්න.


ඔබේ පුරසාරම හොඳ නැත. මුහුන් ඇබින්දකින් මුළු පිටි පිඩ පිපෙන බව ඔබ දන්නේ නැති ද?


අපෝස්තුලුවරුන් විසින් බාර්ණබස් යයි හැඳින් වූ (එහි අරුත දිරි ගන්වන පුත්‍රයා යනුයි) යෝසෙප් නම් මිනිසෙක් විය. ලෙවී වාංශිකයෙක් වූ ඔහු සයිප්‍රස් වැසියෙකි.


අවුරුදු දාහතරකට පසු, මා යළිත් යෙරුසලමට ගියේ බාර්ණබස් සමඟ ය; තීතස් ද මා සමඟ ගෙන ගියෙමි.


ඔබ අන්‍ය-ලබ්ධිකයින්ව සිටියදී, එලෙස හෝ මෙලෙස මෙහෙය වනු ලැබ, කතා බැරි පිළිම රූප වෙත මුළා කරනු ලැබූ හැටි ඔබම දනිති.


නුඹලාත් එලෙස මිනිසුන් හමුවේ පිටත පෙනුමින් ධර්මිෂ්ඨයින් ය; එහෙත් නුඹලාගේ ඇතුළාන්තය කුහකකමින් හා නො පණත්කමින් පිරිලා ය.


මට දී තිබූ ඒ අනුග්‍රහය හැඳිනගත් කල, සභා කණු මෙන් සැලකෙන යාකොබ්, කේපස් හා යොහන් පංගුකාරකමේ දකුණත බාර්ණබස්ටත්, මටත් දුන්නේ, අප අන්‍ය-ජාතීන් වෙතත්, ඔවුන් චර්මඡේදිතයින් වෙතත් යා යුතු බවට එකඟ වෙමිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්