Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 15:25 - සිංහල කාලීන පරිවර්තනය

25 එබැවින් ඒකමතිකව අප හැමගේ නිගමනය වූයේ, මිනිසුන් කීප දෙනකු තෝරා ඔබ වෙත එවීමයි. අප, ඔවුන් එවන්නේ අපගේ ප්‍රේමණීය සහෝදරයින් වන බාර්ණබස් හා පාවුල් යන

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25-26 එහෙයින් තමන්ගේ දිවි නොතකා, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා, ජීවිත කැප කළ අපගේ ප්‍රේමණීය බාර්ණබස් ද පාවුලු ද සමඟ, නියෝජිතයන් තෝරා ගෙන ඔබ වෙතට එවීම සුදුසු යයි රැස් වූ අපගේ ඒකමතික තීරණය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25-26 එහෙයින් තමන්ගේ දිවි නොතකා, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා, ජීවිත කැප කළ අපගේ ප්‍රේමණීය බාර්ණබස් ද පාවුලු ද සමඟ, නියෝජිතයන් තෝරා ගෙන ඔබ වෙතට එවීම සුදුසු යයි රැස් වූ අපගේ ඒකමතික තීරණය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමය නිසා තමුන්ගේ ජීවිත උපද්‍රවයට පැමිණවූ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 15:25
18 හුවමාරු යොමු  

අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල් ඔහුට දී ඇති ප්‍රඥාවෙන් ඔබට ලියා ඇති පරිදි, අපගේ ස්වාමින්වහන්සේගේ ඉවසිල්ලේ අරුත ගැලවීම සැලැසීම බව සිත්හි තබාගන්න.


ඉන්පසු තමන් අතරින් මිනිසුන් කීප දෙනකු තෝරා, පාවුල් හා බාර්ණබස් සමඟ අන්තියෝකිය වෙත යැවීම සුදුසු වග අපෝස්තුලුවරුනට හා සභා-මූලිකයනට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. සහෝදරයින් අතර නායකයින් වූ බර්සබස් නම් ලත් යූදස් ද සීලස් ද ඒ කාරිය සඳහා තෝරාගත් ඔවුහු,


මේ ගැන පාවුල් හා බාර්ණබස් ද ඔවුන් ද අතර තියුණු වාදයක් පැන නැඟිණි. එබැවින් මේ ප්‍රශ්න ගැන යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයින් හමුවට පාවුල් හා බාර්ණබස් සමඟ තව සමහර දෙනෙක් ද යා යුතු යයි නියම කර ගැනිණ.


මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස්ව, එක්සිත්ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ.


මුල සිට ඒ සියලු දෑ විමසා බැලූ පසු, ඒවා අනුපිළිවෙලින් ඔබට ලියා එවීම මැනවයි මා අදහස් කළේ, ගරු තියෝපිලස් තුමනි,


තවදුරටත් දාසයකු ලෙස නො ව, දාසයකුට වඩා ප්‍රේමණීය සහෝදරයකු ලෙස ලැබීමට විය හැක. විශේෂයෙන්ම මට එසේ වී නම්, මිනිස් ආකාරයෙන් පමණක් නො ව ස්වාමින්වහන්සේ තුළ සහෝදරයකු වශයෙන් ඔබට කොයි තරම් වේ ද!


ඔහු එන්නේ, ඔබේම කෙනකු වූ අපගේ විශ්වාසනීය, ප්‍රේමණීය සහෝදර ඔනේසිමස් සමඟ ය. මෙහි හැම දෙයක් ගැනම ඔවුන් ඔබට පවසනු ඇත.


මා ගැන සියලු තොරතුරු තුකිකස් ඔබට දන්වනු ඇත. ප්‍රේමණීය සහෝදරයකු හා විශ්වාසනීය සේවකයකු වන ඔහු ස්වාමින්වහන්සේ තුළ හවුල් දාසයෙක් ද වෙයි.


ස්වාමින්වහන්සේ තුළ විශ්වාසවන්ත දේව-සේවක අප ප්‍රේමණීය සොයුරු තුකිකස් සියලු තොරතුරු ඔබට පවසනු ඇත. එවිට මාගේ තතු කෙසේ ද, මා කරන්නේ කවරේ ද යන්න ගැන ඔබටත් දැනගත හැකි වනු ඇත.


මට දී තිබූ ඒ අනුග්‍රහය හැඳිනගත් කල, සභා කණු මෙන් සැලකෙන යාකොබ්, කේපස් හා යොහන් පංගුකාරකමේ දකුණත බාර්ණබස්ටත්, මටත් දුන්නේ, අප අන්‍ය-ජාතීන් වෙතත්, ඔවුන් චර්මඡේදිතයින් වෙතත් යා යුතු බවට එකඟ වෙමිනි.


සහෝදරයිනි, ඔබ හැම එකිනෙකා හා එකඟව, ඔබ අතරේ භේද නැතිව සිටින ලෙස හා එක සිතින් ද එක කල්පනාවෙන් ද එක්සත්ව සිටින ලෙස, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි.


ස්වාමින්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාට හා තෘපෝසාට ද ආචාර කරන්න. ඉතා වෙහෙසී ස්වාමින්වහන්සේ තුළ වැඩ කළ ප්‍රේමණීය පර්සිස්ට ද ආචාර කරන්න.


පාවුල් හා බාර්ණබස් අන්තියෝකියේදී නැවතී තවත් බොහෝ දෙනකු ද සමඟ ස්වාමින්වහන්සේගේ වචනය ඉගැන්වීමෙහි හා දේශනා කිරීමෙහි නියැළුණහ.


මෙම ප්‍රශ්නය සමාලෝචනය කරනු පිණිස, අපෝස්තුලුවරු හා සභා-මූලිකයෝ එක්රැස් වූහ.


ඔවුහු දිනපතා එක්සිත්ව දේව මාලිගයේ එක්රැස් වෙමින් ද තම නිවෙස්හි දී රොටි කඩමින් ද ප්‍රමෝදයෙන් හා අවංක සිතින් එක්ව අහර ගත්තේ,


පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක එක්ව සිටියහ.


එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්