පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
කොලොස්සි 4:2 - සිංහල කාලීන පරිවර්තනය ස්තුතිවන්තකමින් යුතුව සිහි බුද්ධියෙන් දිගටම යාච්ඤාවේ නිරත වන්න. Sinhala New Revised Version අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න. Sinhala New Revised Version 2018 අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න. Sinhala Revised Old Version ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න; |
පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
ඔවුන් පසුබට නො වී, නිරතුරු යාච්ඤා කළ යුතු වග පෙන්වා දීමට යේසුස්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව පැවසූ සේක.
සිදුවන්නට තිබෙන ඒ සියල්ලෙන් බේරී, ගැලවී යන්නට හා මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියේ සිටගන්නට හැකි වන්නට ශක්තිය ලබන පිණිස, යාච්ඤා කරමින්, නිරතුරු අවදියෙන් සිටින්නැ” යි පැවසූ සේක.
මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස්ව, එක්සිත්ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ.
තවද හැම විට, හැම විදියකම යාච්ඤා හා ඉල්ලීම් සමඟ ආත්මයාණන්වහන්සේ තුළ යාච්ඤාවෙහි යෙදෙන්න. මෙය සිත්හි තබාගෙන, සුපරීක්ෂාකාරීව සිටිමින් සියලු ශුද්ධවතුන් උදෙසා නිරතුරුව යාච්ඤා කරන්න.
කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදීම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතුව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න.
ඔබ ගැන ඇසූ දා පටන් නොකඩව, ඔබ උදෙසා අප යාච්ඤා කරන්නේ එබැවිනි. දෙවියන්වහන්සේගෙන් අප ඉල්ලා සිටින්නේ, සකල ආත්මික ප්‍රඥාව හා අවබෝධය මඟින් උන්වහන්සේගේ කැමැත්ත දැනගැන්මෙහි ලා ඔබ පූර්ණ කරන ලෙසයි.
උන්වහන්සේ තුළ මුල් ඇද, ගොඩ නගනු ලැබ, ඔබට ඉගැන්වූ පරිදි ඇදහිල්ලේ සවිමත්ව සිට, බෙහෙවින් තුති දෙමින් එසේ කරන්න.
එකම සිරුරක් තුළ ඔබ කැඳවනු ලැබ ඇත්තේ සාමයට බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ සාමය ඔබ හදවත්හි රජකම් කෙරේවා! ස්තූතිවන්තව ද සිටින්න.
කතාවෙන් හෝ ක්‍රියාවෙන් හෝ ඔබ කරන කවර දේ වුව, යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේ තුළින් පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේට තුති පුදමින් කරන්න.
ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණතව, මුළුමනින්ම නිසැකව ඔබ ස්ථිරව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි.
සියල්ලේ අවසානය ළංව ඇත. එබැවින් ඔබ යාච්ඤාවේ යෙදෙන පිණිස ආත්ම සංයමයෙන් හා පැහැදිලි මනසින් යුතු වන්න.