Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 4:7 - සිංහල කාලීන පරිවර්තනය

7 සියල්ලේ අවසානය ළංව ඇත. එබැවින් ඔබ යාච්ඤාවේ යෙදෙන පිණිස ආත්ම සංයමයෙන් හා පැහැදිලි මනසින් යුතු වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 4:7
34 හුවමාරු යොමු  

එබැවින්, ක්‍රියාකාරී වීමට ඔබගේ මනස සූදානම් කරගන්න; ආත්ම සංයමයෙන් යුතුව සිටින්න; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන කල ඔබට දෙනු ලබන අනුග්‍රහය මත, ඔබගේ බලාපොරොත්තුව මුළුමනින් රඳවන්න.


සන්සුන්ව සිටින්න; විමසිල්ලෙන් සිටින්න. ඔබගේ සතුරා වූ යක්ෂයා කවරකු ගොදුරු කර ගනිම්දෝයි මාන බලමින්, ගොරවන සිංහයකු සේ ඔබ මොබ ගැවසෙයි.


එහෙත් ඔබ, හැම විට සංයමයෙන් සිටිමින්, අපහසුතා දරා ගනිමින්, ශුභාරංචිය ප්‍රකාශ කරන්නකුගේ මෙහෙය කරන්න. ඔබගේ මෙහෙය සම්පූර්ණ කරන්න.


“පරෙස්සම් වන්න! නැතහොත් දුරාචාරයෙන්, බේබදුකමෙන් හා ජීවිතයේ කනස්සලුවලින් ඔබේ හදවත් බර වී, ඒ දවස උගුලක් සේ හදිසියේම ඔබ පිට නො එන ලෙසට වගබලා ගන්න.


ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළංව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු.


ස්තුතිවන්තකමින් යුතුව සිහි බුද්ධියෙන් දිගටම යාච්ඤාවේ නිරත වන්න.


මේ වත්මන් යුගයේ දේව අභක්තිය හා ලෞකික ආශා පිටුදැකීමට පුහුණුව ලබමින්, සංයමයෙන්, යුක්ති ගරුකව හා දේව භක්තියෙන් යුතුව ජීවත් වන පිණිස,


බලාපොරොත්තුවෙහි ප්‍රීතිවන්න. පීඩාවන්හි දී ඉවසිලිමත් වන්න. යාච්ඤාවෙහි නිරත වන්න.


ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාටම පෙනේවා! ස්වාමින්වහන්සේ ළංව සිටින සේක;


ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ නිදා සිටින්නේ ඇයි? පරීක්ෂාවට නො වැටෙන පිණිස, නැගිට, යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක.


“මෙන්න, මම සොරෙකු මෙන් එන්නෙමි! නිරුවතින් ගොසින්, ලජ්ජාව ප්‍රදර්ශන නො වන පිණිස, තම ඇඳුම් හැඳ, අවදිව සිටින්නා භාග්‍යවත් ය.”


ස්වාමි පුරුෂයිනි, එපරිදි ඔබත්, ඔබගේ යාච්ඤාවනට බාධා නො පැමිණෙන පිණිස, ඔබගේ භාර්යාවන් ඔබ හා සමඟ ජීවනයේ අනුග්‍රහයේ සම-උරුමක්කාරියන් වන බැවින්, දුර්වල පක්ෂය නිසා ඇයට ගෞරවයෙන් සලකා, ඔවුන් සමඟ වැටහීමෙන් ජීවත් වන්න.


තවද හැම විට, හැම විදියකම යාච්ඤා හා ඉල්ලීම් සමඟ ආත්මයාණන්වහන්සේ තුළ යාච්ඤාවෙහි යෙදෙන්න. මෙය සිත්හි තබාගෙන, සුපරීක්ෂාකාරීව සිටිමින් සියලු ශුද්ධවතුන් උදෙසා නිරතුරුව යාච්ඤා කරන්න.


අවසානය පැමිණෙන්නේ, ක්‍රිස්තුස්වහන්සේ හැම පාලනයක්, හැම ආධිපත්‍යයක් හා බලය විනාශ කර, පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේට රාජ්‍යය බාර දුන් විට ය.


සහෝදරයිනි, මා අදහස් කරන්නේ මෙයයි. ඉතිරි වී ඇති කාලය කෙටි ය. භාර්යාවන් ඇති අය මෙතැන් පටන් භාර්යාවන් නැත්තන් මෙන් වෙසෙත්වා.


“එබැවින් විමසිල්ලෙන් සිටින්න. මන්ද ඔබගේ ස්වාමින්වහන්සේ කෙදිනක පැමිණේදෝයි ඔබ නො දන්නා බැවිනි.


සිදුවන්නට තිබෙන ඒ සියල්ලෙන් බේරී, ගැලවී යන්නට හා මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියේ සිටගන්නට හැකි වන්නට ශක්තිය ලබන පිණිස, යාච්ඤා කරමින්, නිරතුරු අවදියෙන් සිටින්නැ” යි පැවසූ සේක.


“එබැවින්, ඒ දවසවත්, ඒ පැයවත් ඔබ නො දන්න නිසා අවදිව සිටින්න.


එසේ වී නම්, ලොව මැවූ තැන් පටන් බොහෝ වරක් වධ වේදනා විඳින්නට උන්වහන්සේට සිදුවන්නට තිබිණි. එහෙත් දැන් ඇති පරිදි උන්වහන්සේ තමන්ම යාගවීමෙන් පාපය දුරු කරන පිණිස, යුගවල අවසානයේදී සදහට ම එක් වරක් පමණක් පෙනී සිටි සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්