ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 9:37 - සිංහල කාලීන පරිවර්තනය

එදවස්හි රෝගීව, මළා ය. ඇගේ මිනිය නාවා, උඩු මහල් කාමරයක තබනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඒ දවස්වල ඈ රෝගීව මළාය. ඔව්හු ඈ නාවා, උඩුමහලක තැබුවෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 9:37
6 හුවමාරු යොමු  

අවශ්‍ය බඩු බාහිරාදියෙන් යුතු, සූදානම් කරන ලද විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වාවි. එතැන අපට පිළියෙල කරන්නැ” යි කී සේක.


පුරවරයට ඇතුළු වූ ඔවුහු තමන් නැවතී සිටි උඩු මහල් කාමරයට නැඟුණහ. ඔවුහු නම්: පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ; පිලිප් හා තෝමස්; බර්තොලමෙව් හා මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා වූ සීමොන් හා යාකොබ්ගේ පුත්‍ර යූදස් ය.


අප රැස්ව සිටි උඩු මහල් කාමරයේ බොහෝ පහන් දල්වා තිබිණි.


පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් වුණේ ය. ඔහු එහි පැමිණි කල ඔවුහු උඩු මහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹු ස්ත්‍රීහු හඬ හඬා, දොර්කස් ඔවුන් සමඟ ජීවත්ව සිටියදී, නිම කර තිබූ සැට්ට කබා හා අනිකුත් ඇඳුම් පෙන්වමින් ඔහු වටා සිටගත්හ.