ඉන්පසු, යේසුස්වහන්සේ අල්ලාගත් අය, උත්තම පූජක කායාපස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. දහම් පඬිවරුන් හා ජනයාගේ වැඩිහිටියෝ එහි රැස් වී සිටියහ.
ක්‍රියා 6:12 - සිංහල කාලීන පරිවර්තනය මෙසේ ඔවුහු ජනතාව ද වැඩිහිටියන් ද දහම් පඬිවරුන් ද උසිගැන්වූයෙන්, ඔවුහු ස්තේපන් අල්ලා මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ආහ. Sinhala New Revised Version තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ. Sinhala New Revised Version 2018 තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ. Sinhala Revised Old Version තවද ඔව්හු සෙනඟද වැඩිමහල්ලන්ද ලියන්නන්ද කලඹා, ඔහුට විරුද්ධව ඇවිත් ඔහු අල්ලා මන්ත්‍රණ සභාවට ගෙනැවිත්: |
ඉන්පසු, යේසුස්වහන්සේ අල්ලාගත් අය, උත්තම පූජක කායාපස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. දහම් පඬිවරුන් හා ජනයාගේ වැඩිහිටියෝ එහි රැස් වී සිටියහ.
එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය; ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.
දිනක් යේසුස්වහන්සේ දේව මාලිගයේ ජනයාට උගන්වමින් හා ශුභාරංචිය දේශනා කරමින් සිටියදී, නායක පූජකවරු හා දහම් පඬිවරු වැඩිහිටියන් සමඟ පැමිණ,
එහෙත් යුදෙව්වෝ දේව බය ඇති කුල ස්ත්‍රීන් ද එපුර ප්‍රධාන මිනිසුන් ද උසිගන්වා පාවුල් හා බාර්ණබස්ට එරෙහි හිංසනයකට ඔවුන් පොලඹවා, ඔවුන්ගේ පළාතෙන් ඔවුන් පන්නා දැමූහ.
එහෙත් අදහා ගැනීම ප්‍රතික්ෂේප කළ සෙසු යුදෙව්වෝ, විජාතිකයින් කලඹා, සහෝදරවරුනට එරෙහිව ඔවුන්ගේ සිත් දූෂ්‍ය කළහ.
පාවුල් බෙරියාහි දෙවියන්වහන්සේගේ වචනය දේශනා කරන වග ඇසූ තෙසලෝනිකයේ යුදෙව්වෝ එහි ද ගොස් සමූහයා කලඹා කලබල ඇති කරන්නට වන්හ.
එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,
හත් දවස සම්පූර්ණ වෙමින් තිබියදී, ආසියා කලාපයෙන් පැමිණි යුදෙව්වන්ගෙන් ඇතමෙක් පාවුල් දේව මාලිගයේ සිටිනු දුටුවහ. එකල ඔවුහු මුළු ජන සමූහයා කලඹවාගෙන අවුත්, ඔහු අල්ලාගෙන,
මෙසේ අපෝස්තුලුවරුන් මන්ත්‍රණ සභාව ඉදිරියට පැනවූ පසු, උත්තම පූජකයා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට වන්නේ ය.
එබැවින් ඔවුහු රහසිගතව ඇතැම් දෙනකු පොලඹවමින්, “මොහු මෝසෙස්ටත්, දෙවියන්වහන්සේටත් එරෙහිව අපහාස වචන පවසනු අපට ඇසුණා” යි ඔවුන් ලවා කියවූහ.